• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

හොර උපාධි නිසා ගෙදර ගිය කතානායකවරයෙක් සහ නියෝජ්‍ය කතානායකවරයෙක්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

December 14, 2024
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
හොර උපාධි නිසා ගෙදර ගිය කතානායකවරයෙක් සහ නියෝජ්‍ය කතානායකවරයෙක්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඔහුගේ ඇත්ත රැවුල විතරයි. අනෙක් ඔක්කොම බොරු…’Sri Lanka Latest News

මේ නයිජීරියාවේ හිටපු කතානායක සලිසු බුහාරිට එරෙහිව පාර්ලිමේන්තුව දෙවනත් කරමින් විපක්ෂය නගපු හඬය.

ඔහු නයිජීරියාවේ කතානායක ධුරයට පත්වූයේ 90 දශකයේය. ඔහු කතානායක ධුරයට පත්වෙන්න පෙර ඔහුගේ මන්ත්‍රී ආසනය දිනාගන්න ඔහු තමා මහා උගතෙක් ලෙස මහජනතාවට පෙන්නුවේය. ඔහු සහ ඔහුගේ පක්ෂය මැතිවරණයට තරග කරන්නේ නයිජීරියාවේ හමුදා පාලනය පෙරළා දමලාය. නයිජීරියා හමුදා පාලනයෙන් හෙම්බත් වී සිටි ජනතාව ඔහු සහ ඔහුගේ පක්ෂය දකින්නේ නයිජීරියාවේ ගැළවුම්කාරයන් ලෙසය. ඔහු සහ ඔහුගේ පක්ෂය බලය ඉල්ලන්නේ නයිජීරියාවේ මිලිටරි පාලනය අවසන් කොට සිස්ටම් චේන්ජ් එකකින් නයිජීරියාව අප්‍රිකාවේ බලවත් සහ පොහොසත්ම රට බවට පත්කරන්නටය. සලිසු බුහාරි ඒ සටනේ කැපීපෙනුණ පතාක යෝධයෙක් විය.

ඔහු මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ තමාට කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ උපාධියක් ඇතැයි කියාය. නයිජීරියාවේ මිලිටරි පාලනය බිඳවැටුණු පසු නයිජීරියාවේ මහජනතාව හෙව්වේ පාර්ලිමේන්තු යවන්න උගත් අපේක්ෂකයන්ය. බුහාරි ඒ සඳහා සුදුසුකමක් ලෙස කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ උපාධි සහතිකය ඉදිරිපත් කළේ, පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය ජයගැනීමෙන් පසු ඔහුගේ උගත්කම සහ දැනුම සලකා ඔහුගේ පක්ෂය ඔහුව කතානායක ධුරයට පත් කරන්න තීරණය කළේය.

ඔහු කතානායක ධුරයට පත්වුණේ 1999දීය. කතානායක ධුරයට පත්වී හරියටම සති 6කට පසු මාසයකුත් සතියකට පසු නයිජීරියාවේ පළවන ‘ද නිවුස් මැගසින්’ නම්වූ සඟරාව බුහාරිගේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාල උපාධිය ගැන හොයන්න පටන් ගත්තේය. ඔවුන් කළ හෙළිදරව්වට අනුව බුහාරි ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගත් හෝ අඩුම තරමේ විශ්වවිද්‍යාලයට ගිය අයෙක්ද නොවීය. නිවුස් සඟරාව බුහාරිගේ අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ බව හෙළිදරව් කරන විට බුහාරි කීවේ තමාව දඩයම් කරන්න සතුරන් කුමන්ත්‍රණය කරන බවය.
‘මේ චෝදනා මාව විනාශ කරන්න ගොතන ලද බොරුවක්…’

ඔහු ලෝකයටම ඇහෙන්න කෑගසා කීවේය. බුහාරිගේ මේ චෝදනාවට පිළිතුරු දීමට ‘ද නිවුස්’ සඟරාව ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයට ලිව්වේය. ඔවුන් ලිව්වේ බුහාරිට උපාධියක් තිබේද යන්න සහතික කරන ලෙසය. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය හැරෙන තැපෑලෙන් උත්තර දුන්නේ බුහාරිට උපාධියක් තියා ඔහු වැස්සටවත් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයට අඩිය තියා නැති බවය.

1999 ජූලි 23 අපකීර්තියට සහ ලැජ්ජාවට පත් බුහාරි තමාට උපාධියක් ඇතැයි කීවේ බොරුවක් බව පිළිගත්තේය. ඔහු එදින පාර්ලිමේන්තුව අමතා මෙසේ කීවේය.

‘මම ඔබගෙන් සමාව ඉල්ලනවා. මම ජාතියෙන් සමාව ඉල්ලනවා. මම මගේ පවුලේ සාමාජිකයන්ගෙන් මිතුරන්ගෙන් සමාව ඉල්ලනවා. මා ඔවුන්ට ලොකු ලැජ්ජාවක් අත්කර දුන්නා. මම හිතනවා ජාතිය මට සමාව දේවි. ජාතිය මට සමාව දී යළිත් ජාතියට සේවය කරන්න අවස්ථාවක් සලසා දේවි…’

මේ, බුහාරි කී වචනය. ඔහු එලෙස කියා කතානායක ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්විය. එහෙත් ඔහුට සමාවක් හිමිවූයේ නැත. ඔහු බොරු උපාධි පෙන්වීම නිසා වසර දෙකකට හිරේට ගියා පමණක් නොව ඔහුට දඩයක් ගෙවීමටත් සිදුවිය.

පසුගිය මැයි මාසයේ දකුණු අප්‍රිකාවේ උතුරු-බටහිර පළාත් සභාවේ නියෝජ්‍ය කතානායක කොහෝෂාටද මේ සන්තෑසියටම මුහුණ දෙන්න සිදුවිය. 2024 මැයි මාසයේ ඔහුට අප්‍රිකානු නැෂනල් කොංග්‍රස් පක්ෂයෙන් කැඳවීමක් ලැබිණි. වහාම ඔහුට පළාත් විධායක කමිටුව හමුවේ පෙනීසිටින ලෙස පක්ෂය නියෝග කරනු ලැබීය. හේතුව වූයේ සමාජ මාධ්‍ය හරහා ඔහුට මෙටි්‍රක් සහතිකය නැති බවට එල්ලවූ චෝදනාව පරීක්ෂා කොට බලන්නටය. අප්‍රිකානු ජාතික කොංග්‍රසය එම සමාජ මාධ්‍ය හෙළිදරව්ව ගැන ප්‍රකාශයක් කරමින් කීවේ කොහෝෂාට සහතිකයක් තිබේද නැද්ද යන්න ගැන පක්ෂය දැනුවත් නැති බවත්, මේ හෙළිදරව්වෙන් පසු පක්ෂය ඒ ගැන සොයාබලන බවත්ය.

‘සාමාන්‍යයෙන් අපි මැතිවරණ සඳහා අපේක්ෂකයන් තෝරාගන්නා විට අපේ සහෝදරයන්ට අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දෙනවා. අපේ සහෝදරයන්ට අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන්න ක්‍රම සහ විධි හදලා තියෙනවා…’

අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ප්‍රකාශක මාධ්‍යයට හෙළිදරව් කළේ එසේය.

‘අපිට හොයාගන්න පුළුන් වුණොත් ඔහුට එරෙහි චෝදනා සත්‍යයි කියා, ඔහු නියෝජ්‍ය කතානායක ධුරයෙන් වහාම ඉවත් විය යුතුයි…’

අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය. එහෙත් කොහෝෂාගේ ප්‍රකාශක මාධ්‍යයට කීවේ වෙනස් කතාවකි.

‘මෙය අපගේ නියෝජ්‍ය කතානායකතුමාටත් අප සංවිධානයටත් මඩ ගහන්න කරන කුමන්ත්‍රණයක්. අපි දන්නේ නැහැ කවුරු මේ තොරතුරු බෙදාහරිනවද කියා. නමුත් අපි එකක් දන්නවා. කවුරුන් හෝ අපේ නියෝජ්‍ය කතානායකතුමාව දඩයම් කරන්න උත්සාහ ගන්නවා. ඔහු තමයි ඉලක්කය….’

නමුත් නියෝජ්‍ය කතානායකට මේ චෝදනාවෙන් හේතු කියමින් ගැළවෙන්න බැරි විය. ඔහුට වහාම නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් වෙන ලෙස අප්‍රිකානු ජාතික කොංග්‍රසය නියෝග කළේය.
කොහෝෂාගේ ආන්දෝලනයට පස්සේ එම පළාත් සභාවේම තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කොට ඇතැයි සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල විය. නමුත් ඔවුන් තර්ක කළේ මන්ත්‍රීවරයෙක් වෙන්න අධ්‍යාපන සහතික අවශ්‍ය නොවන බවය. දකුණු අප්‍රිකානු ජනාධිපති ෂුමාටද මෙටි්‍රක් සහතිකය නැති බව ඔවුහු කීහ.

නමුත් අප්‍රිකානු ජාතික කොංග්‍රසය කීවේ පක්ෂයෙන් ජනතාවට ඉදිරිපත් කරන අපේක්ෂකයන් අපරාධමය වැරැදිවලින් නිදහස් වියයුතු බවය.

‘ඔබව අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කරන්නේ පක්ෂයයි. ඔබ ජනතාව ඉදිරියට යන්නේ ඔබ සතු සුදුසුකම් ඉදිරිපත් කරලා. එහිදී ඔබ ජනතාව රවටනවා නම් ඔබ ජනතාව පමණක් නොව පක්ෂයත් රවටා තිබෙනවා….’

අප්‍රිකානු ජාතික කොංග්‍රසය හොර අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට උත්තර දුන්නේ එලෙසය. කොහෝෂා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් වුවත් තවම මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී නැත. අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ වෘත්තීය සමිති දැන් සටන් කරන්නේ ඔහුව වහාම මන්ත්‍රී ධුරයෙන්ද ඉවත් කරන්න කියාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කාලෙකට පස්සේ සුජීව සේනසිංහ කළු කෝට් එකත් ඇඳන් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි! ඇවිල්ලා තියෙන්නෙ නම් බොහොම බරපතළ කාරණාවකට! VIDEO I Sri Lanka Latest News

Next Post

කතානායක ඉල්ලා අස්වුණා! දැන් ඊළඟ කතානායක තෝරගන්නේ කොහොමද? කවදාද? I Sri Lanka Latest News

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.