මීගලෑව වැලියාව ප්‍රදේශයේ තිබු නිවසක් අද පස්වරුවේ මීගලෑව පොලිසීයේ නිළධාරීන් හා තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් පැමිණ උසාවි නියෝගයක් යැයි පවසා නිවැසියන් එලියට ඇද දමමින් ජේ.සි.බී යන්ත්‍රයක් අධාරයෙන් කඩා දමා තිබේ. Sri Lanka Latest News
අනතුරුව මහවැලි අධිකාරියට අයත් ඉඩමක් බවට පුවරුවක්ද දමා තිබේ.
නිවසින් ඉවත් වන ලෙස පෙර දැනුම් දීමක් හෝ නිවස කඩා දැමීමට ලබා දී ඇති උසාවි නියෝගය හෝ තමන්ට නොපෙන්වා නිවසේ බඩු මුට්ටු සමගම නිවස කඩා දැමීම අමාණුෂිය ක්‍රියාවක් බව නිවැසියන් හා ප්‍රදේශ වාසීන් චෝදනා කර සිටි.
වයස අවුරුදු 16 ක පිරිමි දරුවෙකු හා අවුරුදු 08 ක සහ 05 ක ගැහැනු දරුවන් දෙදෙනෙකු සිටින මෙම පවුලට යාමට ඒමට තැනක් නොමැතිව දැඩි ලෙස අසරණ වී සිටියි.










