ලොතරැයි දිනුමකින් ඩොලර් මිලියන 100ක ජයක් ලැබූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. Sri Lanka Latest News
මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තාවන්නේ ඔස්ට්‍රේලියාවෙනි.
එරට දිනුම් අදින ලද Powerball ලොතරැයියේ ඩොලර් මිලියන 100ක පළමු ත්‍යාගය මෙලෙස හිමිකරගෙන ඇත්තේ සිඩ්නි පදිංචිකරුවෙකි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ලොතරැයි ජයග්‍රහණය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දෙවන විශාලතම ජයග්‍රහණය බවය.
මීට පෙර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු 2019 වසරේදී ඩොලර් මිලියන 107ක ලොතරැයි ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති අතර එය එරට විශාලතම ලොතරැයි ජය ලෙස සැලකෙයි.
තමන් ලද ලොතරැයි ජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ පුද්ගලයා පවසා ඇත්තේ එම මුදල භාවිත කර නිවසක් මිලදී ගැනීම සිය පළමු අරමුණ බවය.










