කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී අද රාත්‍රි කාලයේ සිදු වූ වෙඩිතැබීමකින් එක් අයකු තුවල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇතැයි පොලිසිය කියයි.Sri Lanka Latest News
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබු බව කියන සැකකරුවන් දෙදෙනාගෙත් එක් සැකකරුවකු පැමිණි යතුරු පැදිය සමග වෙරළබඩ පොලිස් ස්ථානයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන මේවනවිටත් ආදුරුප්පුවිදිය පොලිසිය වෙත භාරදී ඇත
සැකකරුවන් වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල අවියද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, අනෙක් සැකකරු සොයා විමර්ශන සිදුකරනු ලබයි.
ආදුරුප්පුවීදිය ජින්තුපිටිය වීදියේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.










