දොඩම්ගස්ලන්ද උඩත්තාපොළ පුරාණ විහාරස්ථානයට ඊයේ (24) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලීසිය පවසයි. (Sri Lanka Latest News)
විහාරාධිපති ගල්නෑවේ පඤ්ඤාකිත්ති හිමියන් වැඩ වසන කාමරයේ ජනේලයකට වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණද පඤ්ඤාකිත්ති හිමියන් එම අවස්ථාවේදී ලැගුම් ගෙයි වෙනත් ස්ථානයක සැතපී සිටි බැවින් උන් වහන්සේට හානියක් සිදුව නැති බවද පොලීසිය සඳහන් කළේය.
පොලිස් පරීක්ෂණවලට අනුව බඳින තුවක්කුවක් හා සමාන කුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව වාර්තාවේ.
lankadeepa








