අද (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ අමාත්‍යවරයාගේ ආරක්ෂක නිළධාරියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.
කටුනායක සිට කොළඹ දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය වූ අමාත්‍යවරයා රැගත් සුඛෝපභෝගී මෝටර් රථය කන්ටේනරයක ගැටී මෙම අනතුර සිදු විය.Sri Lanka Latest News
ඊයේ (24) රාත්‍රියේ හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ බලා එමින් අතරතුර දී සනත් නිශාන්ත මහතා රිය අනතුරට ලක්වුණි.
එම මංගල උත්සවයේ දී මනාල යුවළ විසින් සනත් නිශාන්ත මහතා සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපය මුහුණුපොතේ මේ වනවිට සංසරණය වේ.
එම ඡායාරූපය පළ කළ පුද්ගලයා සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් තබා තිබුණි.











