පානදුර, වෑකඩ ත්‍රිරෝද රථ අමතර කොටස් විකිණීම සහ අලුත්වැඩියා සිදුකරන ස්ථානයක හිමිකරුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි ප්‍රහාරයක් එල්ල කරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.Sri Lanka Latest News
අද (29) උදෑසන 10ට පමණ අදාළ වෙඩිතැබීම සිදුකර තිබූ අතර, වෙඩි ප්‍රහාරය අදාළ පුද්ගලයාගේ පිටුපස ප්‍රදේශයට වැදී සුළු තුවාල සිදුව තිබුණි.
තුවාලකරු පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය පැවසීය.











