දේශගුණික කාලගුණික විපර්යාස සිදුවන මොහොතේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවත් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයට වෙනම අමාත්‍යාංශයක් ඇති කර භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ නව ආයතන මේ යටතට පත් කර ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
එසේම නව ව්‍යවසන කළමනාකරණ පනතක් සම්මත විය යුතු බවත් රැකියා විරහිත උපාධිධාරින් 35000ක් පමණ සිටින නිසා මේ ක්ෂේත්‍රවලට අදාළ නිසි පුහුණුවක් මොවුන්ට ලබා දී ඉන්දියාවේ මෙන් හදිසි කාර්ය සාධක බලකායක් පිහිටවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මොනෑන්ෂ් විශ්වවිද්‍යාලය 2000ත් 2019 අතර රටවල් 9ක සුළි කුණාටු 217ක් ගැන කළ අධ්‍යයනයක් අනුව මරණ ලක්ෂ 150ක් පමණ මෙහි දී සිදු කරන ලද පර්යේෂණයට අනුව සුළි කුනාටුවලින් සිදුවන මරණවලට වඩා පශ්චාත් සුළි කුණාටු සමයේ සිදුවන මරණ වැඩි බවට අනාවරණය වී ඇති නිසා නව ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කරන ලෙසද යෝජනා කළේය.










