‘ජනාධිපතිවණය ප්‍රකාශයට පත් කළාට පස්සේ එක්කෙනක් දෙන්නෙක් නෙමෙයි පොහොට්ටුවේ මහා පලුවක් රනිල් ගාවට එනවා යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මහතා පැවසීය.Sri Lanka Latest News
අද මාතර පැවැති රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
මෙම ස්ථානයට පැමිණ අපට ශක්තියක් ලබා දුන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට පළමුවෙන්ම ගෞරවය පුදකර සිටිනවා. මාතර දිස්ත්‍රික්කය හැමදාම ඓතිහාසික තීන්දු තීරණ ගනු ලැබූ දිස්ත්‍රික්කයක්.
පසුගිය වසර දෙක තිස්සේ අභියෝග රැසකට අප මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී අපි දේශපාලනය කිරීම වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ රට ඉදිරියට ගෙන යෑමට එක්වුණා. එදා පැවති ප්‍රශ්න නිසා බොහෝ දෙනෙකු කිව්වේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය බාරගෙන වසර දෙකක් ඇතුළත රට ඉදිරියට ගෙන ආවා.
ඉදිරි මැතිවරණවලදී කතාවට පමණක් සීමා වූ නායකයන් පත් කර නොගත යුතුයි. අපේ අනාගතය ශක්තිමත් කළ හැකි නායකයෙක් අවශ්‍යයි. අප මේ රට ඉදිරියට ගෙනයාමට එතුමාට සහාය නොදුන්නා නම් අද රටේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඉදිරියේදීත් අප ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඊළඟ මැතිවරණයේදී ඔබට ලැබෙන එම ප්රතිලාභ අහිමි කර ගන්නවාද? එසේ නොමැතිනම් මේ ආකාරයටම ඉදිරියට යනවාද කියා කල්පනා කළ යුතුයි.
මේ රටට අවශ්‍ය බෙදන හෝ කයිවාරු ගහන නායකයන් නෙවෙයි. මේ රටට අවශ්‍ය ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක්. එවැනි නායකත්වයක් අද රටට ලැබී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සෙ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි පොදු ජන පෙරමුණේ මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානම් බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.