ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී හමුවූ පුද්ගල මළ සිරුරු තුන හමුවූ නිවසේ පොතක සටහනක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
එම පොත අසලම තිබී ජංගම දුරකතනයක්ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සිද්ධියෙන් වයස අවුරුදු 28 ක විවාහක කාන්තාවක්, ඇගේ දස හැවිරිදි පුත්‍රයා සහ ඇගේ 28 හැවිරිදි අනියම් සැමියා බව කියන පුද්ගලයෙකු මියගොස් තිබිණ.
නිවස තුළ ඇති වූ කිසියම් ආරවුලක් හේතුවෙන් කාන්තාවගේ අනියම් සැමියා කාන්තාව සහ දරුවා ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවට සැක කෙරේ.
කෙසේ වුවද හමුවූ සටහන මියගිය කාන්තාවගේ අනියම් සැමියා විසින් සටහන් කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.










