• About us
  • Contact us
Monday, June 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ICC සභාපති ලංකාවට ඇවිත් අනුර එක්ක ඇත්තටම කතා කළේ මොනවාද? සමහර පත්තර අතේ රෝල් ගහලා නෝන්ඩි වුණා! මෙන්න ඇත්තම කතාව! I Sri Lanka Latest News

June 29, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කිරීමත් සමග මතුවූ තත්ත්වයන් එකින් එක පියවරෙන් පියවර ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට පසුගිය මාස කිහිපය පුරාම අපි කටයුතු කළෙමු. පසුගිය සතියේද ඒ සම්බන්ධයෙන් විශේෂ සටහනක් තබමින් අප කියා සිටියේ මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ලංකාවට පැමිණිමට නියමිතව ඇති බවත්, හෙතෙම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත්ය. එමෙන්ම මීට සති දෙකකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකොට තිබූ බවත්, එහි තිබූ කරුණු ලංකාවට එතරම් යහපත් නොවන බවත් පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කර තැබුවෙමු. එහිදී අප කියා සිටියේ මාස 3ක් ඇතුළත, එනම් ජූලි 31 වැනිදා වනවිට ක්‍රිකට් නිලවරණය පවත්වා අවසන් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවටත්, එසේ නොමැති වුවහොත් බංග්ලාදේශයේ සිදුවූ ආකාරයට ක්‍රිකට් තහනමක් පැනවීමේ අවදානමක් මතුවනු ඇති බවටත් එහි සඳහන්ව තිබූ බවකි. මේ සම්බන්ධයෙන් විවිධ කටකතාද ඒ දිනවල ක්ෂේත්‍රයේ පැතිර ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි.Sri Lanka Latest News

පසුගිය සතියේ ජේ ෂා ලංකාවට පැමිණ ජනාධිපතිවරයාත්, ක්‍රිකට් අතුරු කමිටුවේ ප්‍රධානීනුත් සමග සාකච්ඡා කළේ මෙවැනි පසුබිමක් යටතේය. වෙනදා නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරුන් ලංකාවට පැමිණ සාකච්ඡා කිරීම විශාල පුවතක් වුවත් මේ පුවතට ආණ්ඩුව පැත්තෙන් හෝ මාධ්‍යවලින් විශාල ප්‍රචාරයක් දුන් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. මාධ්‍යවලද ජනාධිපතිවරයා සහ ජේ ෂා හමුව සම්බන්ධයෙන් ඡායාරූපයක් පමණක් පළවුවද එහිදී දෙදෙනා අතර සාකච්ඡාවට ලක්වූයේ මොනවාද යන්න පිළිබඳ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් හෝ වෙනත් නිල පාර්ශ්වයකින් කිසිදු තොරතුරක් වාර්තා වී තිබුණේ නැත.

එසේ තිබියදීත් ‘ඩේලි මිරර්’ පුවත්පත ක්‍රිකට් ක්ෂේත්‍රයේ ගිය කටකතා සහ වෙනත් කතා පුවතක් ලෙස මහත් අතිශයෝක්තියකින් යුතුව පසුගිය සඳුදා (22) දිනයේදී සිය මුල් පුවත මගින්මHold SLC Elections or Get Blacklisted” ICC Informs President AKD යන සිරස්තලයෙන් වාර්තා කොට තිබුණේ ‘එක්කෝ ඡන්දය තියන්න, නැත්නම් අසාදු ලේඛනයට ඇතුළත් වන්න – අයි.සී.සී.ය ජනාධිපතිවරයාට දැනුම් දෙයි’ යනුවෙනි. මෙම පුවත ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කොට පැය කිහිපයක් යෑමට මත්තෙන් වහාම ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති මාධ්‍ය ඒකකය කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. නමුත් එම පුවත නිවැරැදි කිරීමේදීද යම් යම් කොටස් අත්හැර දමා පළකිරීමට ‘ඩේලි මිරර්’ පුවත්පත කටයුතු කොට තිබිණි. ඒ අනුව පාඨකයන්ගේ දැනගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පළකිරීමට අප කටයුතු කරමු.

පහත දැක්වෙන්නේ එම නිවේදනයය.

Hold SLC Elections or Get Blacklisted” ICC Informs President AKD යන සිරස්තලයෙන් ‘ඩේලි මිරර්’ පුවත්පතේ මුල් පිටුවේ පළකර ඇති අසත්‍ය සහ නොමග යවනසුළු පුවත රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

මෙම වාර්තාවට කිසිදු සත්‍ය පදනමක් නොමැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුව සිතාමතාම විකෘති කර දැක්වීමකි.

මෙම සාකච්ඡාවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව, බිම් මට්ටමින් සහ තරුණ තරුණියන් සඳහා වන ක්‍රිකට් වැඩසටහන් මෙන්ම තරුණ ක්‍රීඩකයන් සඳහා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ අවධානය යොමු වූ බව ජනාධිපතිවරයා සහ අයි.සී.සී. සභාපතිවරයා යන දෙදෙනාම සිය ‘එක්ස්’ ගිණුම් ඔස්සේ නිල වශයෙන් තහවුරු කළහ. එහිදී කිසිදු අවසාන නිවේදනයක්, අසාදු ලේඛනයට ඇතුළත් කිරීමේ තර්ජනයක් හෝ නිලවරණයට අදාළ කරුණක් සාකච්ඡා නොවූ අතර, එවැනි කිසිදු අවසාන නිවේදනයක් නිකුත් කර නොමැත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අයි.සී.සී. සභාපතිවරයා යන දෙදෙනාගේම නිල ප්‍රකාශයන් සෘජුවම පරිශීලනය කිරීමට පාඨකයන්ට අවස්ථාව තිබියදී, මෙවැනි ප්‍රබන්ධිත පුවතක් පළකිරීම අදාළ පුවත්පතේ විශ්වසනීයත්වය තවදුරටත් පළුදු කිරීමට හේතු වේ. එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් වන මෙම නිවේදනය ප්‍රසිද්ධියේ පළ කරන ලෙසත්, අදාළ පුවත මුද්‍රිත සහ අන්තර්ජාල සංස්කරණය යන දෙකෙන්ම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් රජය ඩේලි මිරර් පුවත්පතෙන් ඉල්ලා සිටියි.

ජනාධිපති මාධ්‍ය අංශය
2026.06.22

ඇත්තටම වුණේ මොකද්ද?

එසේ නම් ඇත්තටම ජනාධිපතිවරයා සහ ජේ ෂා අතර මෙම හමුවේදී සාකච්ඡා වූයේ කුමක්ද? කිසිදු මාධ්‍යයකින් නිවැරැදිව වාර්තා නොකළ එම පුවත මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ නිවැරැදිව වාර්තා කිරීමට අප සූදානම්ය. අප මෙම තොරතුරු වාර්තා කරන්නේ සුපුරුදු පරිදි එක් පැත්තකින් තොරතුරු ගැනීමෙන් පමණක් නොව, පාර්ශ්ව කිහිපයකින්ම එම තොරතුරු ලබාගෙන, වරක් දෙවරක් නොව තුන්වරක්ම එම තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුවය. ඒ අනුව ජනාධිපතිවරයා සහ ජේ ෂා අතර පැවැති සාකච්ඡාව ජනාධිපතිවරයා කිසිසේත්ම සතුටට පත්වූ සාකච්ඡාවක් නොවුණු බව නම් මෙහිදී පැහැදිලිවම සඳහන් කළ යුතුය. විනාඩි 17ක් පුරා පැවැති මෙම සාකච්ඡාවේදී ආරම්භයේ සිටම ජේ ෂා සියුම් රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් භාවිත කරමින් කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. එහිදී ඔහු පැහැදිලිවම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට අනුව කටයුතු කිරීමට ක්‍රිකට් ක්‍රීඩා කරන සාමාජික රටවල් බැඳී සිටින බවත්, සියලු රටවල් එම නීතිවලට අනුව කටයුතු කළ යුතු බවත්ය. විශේෂයෙන්ම මෑතකදී බංග්ලාදේශයද අතුරු කමිටුවක් පත්කිරීමට කටයුතු කළ අවස්ථාවේදී ඊට මාස 3ක කාලයක් පමණක් ලබාදීමට අයි.සී.සී.ය කටයුතු කළ ආකාරයත්, එම මාස 3ක කාලය ඇතුළත අනිවාර්යයෙන්ම නිලවරණයක් ඔස්සේ ව්‍යවස්ථානුකූලව ක්‍රිකට් කමිටුව පත්කර ගැනීමට බංග්ලාදේශය කටයුතු කළ බවත් ජේ ෂා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. එසේ නොවුණහොත් අයි.සී.සී.යේ ප්‍රධාන කමිටුවට එම රටවල් ඇතුළත් කරගත නොහැකි බවද ජනාධිපතිවරයාට පෙන්වා දුන් ජේ ෂා, මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් මතුවිය හැකි අවාසිසහගත තත්ත්වයන්ද ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාද මෙහිදී තමන්ගේ පාර්ශ්වයෙන් කීමට ඇති කරුණු නිශ්චිත අයුරින් ජේ ෂාට දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ක්‍රිකට් ආයතනය තුළ මේ වනවිට මතුව ඇති අර්බුදයන් නිරාකරණය කරගැනීම සඳහා මාස 3ක කාලයක් ප්‍රමාණවයත් නොවන බවය. අවම වශයෙන් එම අර්බුද නිරාකරණය කරගෙන නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වසරක පමණ කාලයක් ගතවන බවද ජනාධිපතිවරයා ජේ ෂාට පෙන්වා දුන්නේය.

ඊට පැහැදිලි පිළිතුරක් ජේ ෂා ලබා නොදුන්නද එහිදී ඔහු කියා සිටියේ එසේ වන්නේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම්වලට සහභාගි නොවී, කමිටුවෙන් පිට නිරීක්ෂකයකු ලෙස පමණක් කටයුතු කිරීමට සිදුවනු ඇතැයි කියාය. පසුගිය කාලයේදි බංග්ලාදේශයටද එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජේ ෂා බංග්ලාදේශය ක්‍රිකට් නිලවරණය පැවැත්වීමෙන් අනතුරුව ඔවුන්ට නිල තත්ත්වය ලැබුණු බවත්, ලංකාව එසේ ජූලි 31 වැනිදාට පෙරාතුව ඡන්දය පවත්වා ව්‍යවස්ථානුකූල අයුරින් කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ක්‍රිකට් ආයතනය බංකොලොත්? පඩි ගෙවාගන්නත් සල්ලි නෑ! සැලසුම් දෙකක් අනුර අතේ! I Sri Lanka Latest News

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

ක්‍රිකට් ආයතනය බංකොලොත්? පඩි ගෙවාගන්නත් සල්ලි නෑ! සැලසුම් දෙකක් අනුර අතේ! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ නීතීඥයන් කණ්ඩායමක් ඇවිත් අනුර හමුවෙලා! අපි විරුද්ධයි කියලා මූණටම කියයි! I Sri Lanka Latest News

පොසොන් පෝ දා තවත් මහා පිංකමක්! සජබ මූලස්ථානයේදී සජිත් බත් දන්සලකුත් දීලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොසොන් පෝ දා තවත් මහා පිංකමක්! සජබ මූලස්ථානයේදී සජිත් බත් දන්සලකුත් දීලා! VIDEO I Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේ පොසොන් ධර්ම දේශනය මෙවර නුගේගොඩ නාලන්දාරාමයේදී! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂ නායක කාර්යාලයේ පොසොන් ධර්ම දේශනය මෙවර නුගේගොඩ නාලන්දාරාමයේදී! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News
Exclusive

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ලංකාවට ඇවිත් අනුර එක්ක ඇත්තටම කතා කළේ මොනවාද? සමහර පත්තර අතේ රෝල් ගහලා නෝන්ඩි වුණා! මෙන්න ඇත්තම කතාව! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කිරීමත් සමග මතුවූ තත්ත්වයන් එකින් එක පියවරෙන්...

Read more
Sri Lanka Latest News

ක්‍රිකට් ආයතනය බංකොලොත්? පඩි ගෙවාගන්නත් සල්ලි නෑ! සැලසුම් දෙකක් අනුර අතේ! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

ජවිපෙ නීතීඥයන් කණ්ඩායමක් ඇවිත් අනුර හමුවෙලා! අපි විරුද්ධයි කියලා මූණටම කියයි! I Sri Lanka Latest News

පොසොන් පෝ දා තවත් මහා පිංකමක්! සජබ මූලස්ථානයේදී සජිත් බත් දන්සලකුත් දීලා! VIDEO I Sri Lanka Latest News

පොසොන් පෝ දා තවත් මහා පිංකමක්! සජබ මූලස්ථානයේදී සජිත් බත් දන්සලකුත් දීලා! VIDEO I Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේ පොසොන් ධර්ම දේශනය මෙවර නුගේගොඩ නාලන්දාරාමයේදී! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේ පොසොන් ධර්ම දේශනය මෙවර නුගේගොඩ නාලන්දාරාමයේදී! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.