ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ( මහාචාර්ය ) චරිත හේරත් සහ ( විශේෂඥ වෛද්‍ය ) ගරු සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඊයේ (06) එම සංසදය පළමුවරට රැස්වූ අවස්ථාවේදී තෝරා පත්කර ගන්නා ලදී.Sri Lanka Latest News
නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු වීරසුමන වීරසිංහ සහ ගරු කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ, ගරු මධුර විතානගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් තෝරා පත්කර ගන්නා ලදී.