මාතලේ මහවෙල ප්‍රදේශයේ විහාරස්ථානයකදී අසාමාන්‍ය ආකාරයට දිවිනසාගත් පුද්ගලයෙකු ගැන වාර්තාපළව තිබේ. විහාරස්ථානයට යාබදව වාසය කරන මොහු කිසිවෙකු නැති පාළු වේලාවක් බලා පන්සලේ ඝන්ටාර ලණුවේ ගෙල වැළලාගෙන මියගොස් තිබේ. (Sri Lanka Latest News)
විහාරස්ථානයේ වැඩවාසය කරන භික්ෂූන්ට අසාමාන්‍ය දර්ශනය දැකගන්නට ලැබී ඇත්තේ වේලාවක් ගතවූ පසුවයි.
මියගිය තැනැත්තා ගමේ කවුරුත් දන්නා අයෙකු වීම නිසාත් පනසලේ මේ ආකාරයට මියයාම නිසාත් බොහෝ පිරිසක් එතැනට එක්රැස්ව ඇති අතර ඔහුව රෝහලට රැගෙන ගියත් ඒ වනවිටත් ජීවිතය හැරගොස් තිබුණි.
විහාරස්ථානයේ ඝණ්ඨාරයේ ලනුවේ එල්ලී සිය දිවි හානිකරගෙන ඇති මියගිය පුද්ගලයා 58 හැවිරිදි වියේ පසුවන්නෙකි. වැඩිදුර සොයා බැලීමේදී ඔහුගේ බිරිඳ ඔහු හැර ගොස් තිබෙන බවත් පසුගිය කාලයේ අධික කලකිරීමකින් වාසය කළ බවත් පැවසේ.
ඔහු අවුරුදු 25ක් තිස්සේම මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු බවද බිරියගේ හැරයාමට හේතුවද එම ආබාධයන් බවද වැඩිදුරටත් වාර්තා විය.මෙම පුද්ගලයා එක්දරු පියකු බවද වාර්තා විය.
gossiplankanews










