• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් සහ TNA මන්ත්‍රීවරු අතර හමුවක්! පොලිස් බලතල ගැන කතා කරයි! I Sri Lanka Latest News

August 10, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් සහ TNA මන්ත්‍රීවරු අතර හමුවක්! පොලිස් බලතල ගැන කතා කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර 13 වෙනි සංශෝධනයේ පොලිස් බලතල බෙදීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (9) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.Sri Lanka Latest News

මෙම සාකච්ඡාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස් බලතල ඉල්ලා සිටීමට හේතූන් විමසා සිටියේය.

එහිදී දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ලෝකයේ අනෙකුත් රටවල් උදාහරණයට ගනිමින් බලය බෙදීමේ අවශ්‍යතාව පැහැදිලි කෙරුණු අතර දෙමළ ජාතිකයින් මුහුණදෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.පොලිස් බලතල නොබෙදා එම ගැටලු විසඳීමේ හැකියාව පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෑත කාලයේ එංගලන්තය සහ ඉන්දියාව වැනි දියුණු රටවල් වල පවා බලය බෙදීම ඉතා විශිෂ්ඨ අයුරින් සිදු වූ බව පෙන්වා දුන් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු එහිදී භාවිතා කරන ක්‍රමවේදයන් ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට හැකි බව පැහැදිලි කළේය. එහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා එංගලන්තය සහ ශ්‍රී ලංකාවෙහි දේශපාලන සමාජීය සංස්කෘතීන් සම්පූර්ණයෙන්ම වෙනස් බව පෙන්වා දුනි.

දෙමළ ජනතාවට සහ දෙමළ දේශපාලන නායකයින්ට දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ උවමනාව කුමක්ද යන්න මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය වන්නේ, දිස්ත්‍රික් කමිටු මගින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා දුර බැහැර ගෙවාගෙන කොළඹට පැමිණෙන්නට සිදුවීම හා ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මකවීමේ ගැටළුවක් තිබීම නිසා යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පැවසූහ.

එසේම පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් යෝජිත කරුණු වලට අලුතින් කිසිවක් එක් නොවෙන නමුත් ජාතික පොලිස් කොමිසමට අමතරව පළාත් පොලිස් කොමිසමත් පත් කිරීමේ අවශ්‍යතාවයක් මතුවන බව ද ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ.

මේ වන විට උතුරු ප්‍රදේශය පුරාවට මත්ද්‍රව්‍ය සහ අපරාධ සිදු වීමේ ප්‍රවණතාවය ඉහළගොස් ඇති බවත් තරුණ දරුවන් බොහොමයක් අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බවත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පැවසූහ.

එවැනි කරුණු සම්බන්ධයෙන් පවතින තොරතුරු ඕනෑම අවස්ථාවක මත්ද්‍රව්‍ය හා පාතාල සංවිධාන සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ පොලිස් කමිටුවට ලබා දෙන ලෙසත් එලෙස ලබා දෙන තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සභාපතිත්වයෙන් අදාල විශේෂ පොලිස් කමිටුව ක්‍රියාත්මක කර ඇති බවත් ඕනෑම අවස්ථාවක ඊට අදාළ තොරතුරු නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට හැකි බව ද අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේය.

මෙම හමුව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා,බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු පොලිසියේ ඉහල නිලධාරීන් සම්බන්ධ වූ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ.සුමන්තිරන් මහතා, ෂානක්කියන් රාසමාණික්කම් මහතා,ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා,චාල්ස් නිර්මලනාදන් මහතා සහ සෙල්වම් අඩෙක්කලනාදන් මහතා සහාභාගී විය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි දෙසතියකින් මීළඟ සාකච්ඡාව පැවැත්වීමට දෙපාර්ශවයම එකඟ විය

SendShareShare
Previous Post

වතු ප්‍රජාව වතුහිමියන් කරන්න මම එදා කතා කරද්දී සමහරු හිනාවුණා! විවිධ මාධ්‍ය අල්ලගෙන ජාතිවාදය ආගම්වාදය ඇවිස්සුවා! අදත් වතු ප්‍රජාව ගැන ආණ්ඩුවට නිසි සංඛ්‍යා දත්ත නෑ! විපක්ෂනායක වතු ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න රැසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘පරක්කු වෙලා ගොවීන්ට වතුර දීලා දැන් ගොවීන් වතුර ටිකට මරාගන්නවා! වහාම මේකට මැදිහත් වෙන්න!’ සජිත් කළ කතාව ඇමැති අමරවීර පිළිගනී! ‘ඔව් දැන් ගොයමත් මැරිලා ගොවීනුත් මරාගන්නවා! ඒක මම පිළිගන්නවා! අපිට මේක මීට කලින් විසඳන්න තිබුණා’ VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.