නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මාධ්‍යවේදීන්ට අවසර නෑ හිතවත් මාධ්‍යවේදීන් හරහා මාධ්‍ය මාෆියාවක් ක්‍රියාත්මක කරන බවට චෝදනා.
ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්කම පවත්වනු ලබන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය ආවරණය සඳහා අවස්ථාව ලබා දී ඇති පසුබිමක නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා මාධ්‍යවේදීන්ට දිගින් දිගටම ආරාධනා නොකිරීමට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලයේ කටයුතු කරන බවට මාධ්‍යවේදීන් පිරිසක් චෝදනා කරති ,Sri Lanka Latest News
දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරීන් පමණක් ආවරණය කරන ඡායාරූප සහ වීඩියෝ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට බොහෝ සෙයින් හිතවත්ම සහ ලෙන්ගතුව කටයුතු කරන හැටන් ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුට යොමු කර ඔහු විසින් මාධ්‍ය ආයතන සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට පක්ෂපාතීව සකසන ප්‍රවෘත්යේ පිටපතක් නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන අන්තර්ජාල සමූහයට මාධ්‍ය නිවේදනයක් බව නිකුත් කරන අතර එලෙස නිකුත් කිරීමට ප්‍රථම ඇතැම් අවස්ථාවලදී හැටන් ප්‍රාදේශීය මාධ්‍යවේදියා විසින් මාධ්‍ය ආයතනයට යොමු කරන ලද ප්‍රවෘත්තිය වෙබ් අඩවිවල සහ මුහුණු පොත් පිටුවල පළවී අවසන් වී ඇති බවක්ද දක්නට ලැබෙන බව මාධ්‍යවේදීන් චෝදනා නගති ,
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ආවරණය සඳහා සම්බන්ධ වන දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික ජන බලවේගයේ විද්වත් කමිටුවේ නියෝජනය කරන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේ අතිශය ක්‍රියාකාරී මැතිවරණ මෙහෙයුම් නිලධාරියෙකු වශයෙන් හා ලයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ කටයුතු කර ඇති බවද අනාවරණය වී තිබේ ,
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ හිතවත් මාධ්‍යවේදියා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුලම ජංගම දුරකථනයක් හිමි රැකියා විරහිත තරුණයෙක් සිය ගෝලයෙක් ලෙස යොදවා වෘත්තිමය මාධ්‍යවේදී මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරන ස්ථානවලට යවා එහි වීඩියෝ හා ඡායාරූප whatsapp හරහා ගෙන්වාගෙන එම ස්ථානයේ මාධ්‍ය කටයුතු සඳහා නිල වශයෙන් ආරාධනා ලැබ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සහභාගි වන මාධ්‍යවේදීන් ප්‍රවෘත්ති යොමු කිරීමට පෙර සෑම මාධ්‍ය ආයතනයකටම ප්‍රවෘත්ති යොමු කිරීමේ කූට ව්‍යාපාරයක් දිගින් දිගටම සිදු කරගෙන යන බවද මාධ්‍යවේදින් චෝදනා කරන අතර එලෙස යොමු කරන ප්‍රවෘත්ති සියල්ලේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ඇතුලු පිරිසට වාසි සැලසෙන අන්දමින් ප්‍රවෘත්ති යොමු කිරීම ඉලක්ක කර ගනිමින් හැටන් මාධ්‍යවේදියා කටයුතු කරන බවද මාධ්‍යවේදිහු චෝදනා නගති ,










