• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොඩි මිනිහෙක්! නීතිය දන්න මිනිහෙක්! හොඳ උගතෙක්! සටන්කාමියෙක්! ගාල්ලට ඇවිත් ඉන්න මේ වටිනා මිනිසා කවුද? Sri Lanka Latest News

November 4, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
පොඩි මිනිහෙක්! නීතිය දන්න මිනිහෙක්! හොඳ උගතෙක්! සටන්කාමියෙක්! ගාල්ලට ඇවිත් ඉන්න මේ වටිනා මිනිසා කවුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මගේ ජීවිතයේ මා ආ මග, මල්, පලස්, පාවඩ නොතිබිණි නම් මගේ දේශපාලන ගමනද එසේම වන්නේය. අභියෝග ජයගෙන ඉදිරියට යමින් හෙට රට ශක්තිමත් කිරීමේ ගමනකට මම උර දෙන්නෙමි. 2022 අරගලය විසින් මේ රටේ පාලකයන්ට බලකළ වෙනස වෙනුවෙන් මම හැකි උපරිමය කැප කරනවා. ශ්‍රී ලංකාවේ පළමුවැනි වතාවට අරගලයෙන් පසු ජනතා බලයෙන් මෙරට පාර්ලිමේන්තුවට පත් කරන ලද පාලකයන් උගත්, පරිණත නායකත්වයක මෙන්ම, තරුණ බුද්ධිමත් නායකත්වයක සම්මිශ්‍රණයක් විය යුතුයි. මම ඒ සත්‍යය ඉහළින්ම විශ්වාස කරනවා…’ (Sri Lanka Latest News)

මෙවැනි අධිෂ්ඨානශීලී හා අභියෝගාත්මක වදන් පෙළක් කියා සිටින්නේ කවරකු විසින්ද? ශ්‍රී ලංකාව තුළ මෙම කාලයෙහි ඇත්තේ කිසිදු කාලයක නොවූ තරමේ මහා දේශපාලන උණුසුමකි. එවන් වටපිටාවකදී ඉහත වදන්ද ඇසෙන්නට විය. මෙම ධෛර්යය පෙරදැරි කරගත් කතාව කියා සිටින තරුණ මිනිසා නමින් නදීෂ් රංගන ද සිල්වාය. ඔහුගේ යම් විද්වත්භාවයකට අදාළව ඔහුගේ නාමය සමාජයෙහි නිසියාකාරයෙන් භාවිත කෙරෙන්නේ ආචාර්ය නීතිඥ නදීෂ් රංගන ද සිල්වා ලෙසය. එනම් ඔහු ආචාර්ය (Phd) උපාධියකටද හිමිකම් කියන නීතිඥවරයෙකි. මම මෙලෙස ඔහු ගැන ඔබට හඳුන්වා දෙන විටදී මොහු කවරකුදැයි ඔබ විමතිසහගතව බලනු ඇතිය. එසේ වන්නේ ඔහුගේ නාමය ඔබට එතරම් හුරුපුරුදු නොවීම හේතුවෙනි. ඒ කෙසේ වෙතත් ඔහු දන්නා හඳුනන පිරිසක්ද සමාජයෙහි වෙති. තවද තාරුණ්‍යයෙහි සිටින මෙම තරුණයා කවරකුදැයි සොයා බලමු.

‘දකුණු ලකේ අග නගරයේ ගාලු පුරේ සිරි’ යැයි කියැවෙන අපූරු රසබර ගීතය ගැන මතකයට නගා ගනිමින්ම මෙම කතාව කියා තබන්නට හැකිය. ආචාර්ය නීතිඥ නදීෂ් ද සිල්වා යනු ගාලු පුරවරය තම උපන් නගරය කරගත් තරුණයෙකි. ඔහු මෙවර මහ මැතිවරණය සඳහා මුලින්ම දේශපාලනයට පිවිසෙන්නට හදන්නේද ගාලු පුරවරයෙනි. එනම් මෙවර 2024 මහ මැතිවරණයේ අපේක්ෂකයකු ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ඔහු මෙලෙස මැතිවරණයකට ප්‍රථම වතාවට තරග වැදුණද, එයට පෙර රට වෙනුවෙන් සිදුකෙරුණු ජනතා අරගල සහ විවිධ උද්ඝෝෂණ ක්‍රියාවලීන්වලදී ප්‍රධාන මෙහෙවරක් ඉටුකර ඇත. මෙරට පැවැති පසුගිය ජන අරගලයේදී ඔහු නොබියව සහ නොපැකිලව තම අදහස් ඉදිරිපත් කළ තරුණ නායකයකු විය. නදීෂ් ද සිල්වා මෙලෙස එකල ගෝඨාභය පාලනයට වගේම රනිල්ගේ පාලනයටත් විරුද්ධව විශාල මෙහෙවරක් ඉටුකළ තරුණ නායකයකු විය. ඔහු එම ක්‍රියාශීලී මෙහෙවර ඉටු කළේ ‘විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය (Federation of University Teachers’ Associations – FUTA) නියෝජනය කරමිනි. එම අරගල සමයේදී ඔහු ප්‍රබල ලෙස ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරතව නොසිටියද, රට වෙනුවෙන් සිදුවන අසාධාරණයන්ට එරෙහිව තම හඬ අවදි කරවන්නට සමත් විය. තමන්ගේ අනෙකුත් සහෝදර අරගල කණ්ඩායම්ද සහභාගි කරවාගෙන එම මෙහෙවර ඔහු ඉටු කළේය.

ආචාර්ය නීතිඥ නදීෂ් රංගන ද සිල්වා යනු කවරෙක්දැයි නිසියාකාරව සොයා බලමු.
ගාල්ල රත්ගම නගරය නදීෂ් ද සිල්වාගේ උපන් ගම ලෙස සඳහන් වෙනවා. ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයෙනි. ඔහුගේ පාසල් සමයේදී ඉතා ඛේදනීය ලෙස ඔහුට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙරට ඇතිවුණු සුනාමි ව්‍යසනයටයි. ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙම සිදුවීම හේතුවෙන් මහා ශෝකජනක තත්ත්වයකට පත්විය. සුනාමි ව්‍යසනය හේතුවෙන් නදීෂ් ද සිල්වා ඇතුළු පවුලේ සියලු දෙනාටම උන්හිටි තැන් අහිමි විය. එකල ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දීමට කටයුතු කරමින් සිටියේය. එහෙත් සුනාමිය හේතුවෙන් ඔහුගේ පාසල් පොත්පත් පවා විනාශයට පත්විය. එහෙත් කෙසේ හෝ ඔහු නැවත මිතුරන්ගේ උදව්වෙන් අවශ්‍ය පොත්පත් සොයාගෙන, උසස් පෙළ විභාගයට පෙනීසිටීමට කටයුතු කළේය. ඔහු සහ පවුලේ සාමාජිකයන් තමන්ගේ ගේදොර විනාශ වී යෑම නිසා මාස දෙකක් පමණ අනාථ කඳවුරුවල සිටියේය.

මෙම සමය නදීෂ් ද සිල්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිටීමට කටයුතු කරන ලද කාලයකි. මෙම සුනාමි ශෝකාන්තය මැදම ඔහු තම අධ්‍යාපන කටයුතු අත්නොහැර, විභාගයට සාර්ථකව පෙනීසිටීම සඳහා තම අධ්‍යයන කටයුතු සිදුකළේය. දහසක් බාධක මැද ඔහු විභාගයටද පෙනී සිටි අතර, කාලය ගෙවීයෑමත් සමග විභාග ප්‍රතිඵලද නිකුත් විය. තමන්ගේ අප්‍රතිහත ධෛර්යය ජයගෙන තිබුණේය. නදීෂ් ද සිල්වා සිසුවා උසස් පෙළ ප්‍රතිඵලවලින් සමස්ත ලංකා මට්ටමින් පස්වැනි ස්ථානයත්, දිස්ත්‍රික් මට්ටමින් දෙවැනි ස්ථානයත් කලා විෂය ධාරාවට අදාළව හිමිකරගෙන තිබිණි. තමාගේ දැඩි ආත්ම විශ්වාසයත්, නොපසුබට උත්සාහයත් නිසා ඔහු උසස් පෙළ විභාගය ඉතා විශිෂ්ට අයුරින් සමත්වී තිබුණේය. නදීෂ් ද සිල්වා අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළ දක්ෂ සිසුවෙකි. නදීෂ් ද සිල්වා යනු එම පවුලේ වැඩිමහල් දරුවා වූ අතර, ඔහුට බාල සහෝදරියන් තිදෙනෙක් සහ සහෝදරයන් දෙදෙනකුද සිටියි. එහෙයින්ම ඔහුට පැවරුණු පවුලේ වගකීමද ඉහළ එකක් විය. එකල ඔහුගේ පියා යුද හමුදා කෝප්‍රල්වරයකු වශයෙන් සේවය කළ අයෙකි. තම අධ්‍යාපන කටයුතු ඉතා ඉහළින් සාර්ථක කරගත් නදීෂ් ද සිල්වා එතැන් සිට තම අනෙක් උසස් අධ්‍යාපන කටයුතු සඳහා පියවර තැබුවේය. ඔහු පෙනීසිටි උසස් පෙළ විභාගයෙන් සිංහල භාෂාව, දේශපාලන විද්‍යාව සහ බෞද්ධ ශිෂ්ටාචාරය සඳහා ඔහු විශිෂ්ට සාමාර්ථයන් ලබාගෙන තිබුණේය. මේ නිසාම ඔහු තමාගේ ඉදිරි මාවතද එම අධ්‍යයනයට අදාළව පෙළගස්වා ගැනීමට සමත් විය.

මේ ආකාරයට කාලය ගෙවීයෑමත් සමගම මෙම දිරිමත් දකුණේ තරුණයාගේ ජීවිතය සාර්ථක අයුරින් හැඩගැසෙන්නට විය. තමාගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔහු නීතිය සහ දේශපාලන විද්‍යාව තෝරාගන්නේ මෙවැනි පසුබිමකදීය. ශ්‍රීලංකා නීති විද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේදී ඔහු එම අධ්‍යයන කටයුතු හැදෑරීම ආරම්භ කරන ලද අතර, එම අධ්‍යයනයන් ඉතා සාර්ථකව නිම කිරීමටද ඔහුට හැකි වූයේය. ඉන් අනතුරුව ඔහු වෘත්තියෙන් නීතිඥවරයකු ලෙස කටයුතු කරන්නට ගත්තේය. ඒ කෙසේ වුවද ඔහු තම උසස් අධ්‍යයන කටයුතුවලට තිතක් තැබුවේ නැත. නදීෂ් ද සිල්වා ඉන්දියාවේ ප්‍රකට රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන සාර්දාර් පටෙල් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තේය. මෙම ධෛර්යවත් තරුණයාගේ ඉගෙනීමේ මෙහෙවර එතැනින්ද නැවතුණේ නැත. ඔහුගේ ප්‍රධාන සිහිනයක් වූයේ ආචාර්ය උපාධියක් හිමිකර ගැනීමයි. මේ අනුව ඔහු ලොව ප්‍රකට විශ්වවිද්‍යාලයක් වන ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට අනුබද්ධ වී ආචාර්ය උපාධිය හදාරයි. මෙම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලෝකයේ රටවල් 143ක සිසුන් ඉගෙනගන්නා විශ්වවිද්‍යාලයකි. කාලය ගෙවීයත්ම ගාල්ලේ මෙම තරුණයා ඉතා සාර්ථක ලෙස අධ්‍යයන කටයුතු නිමකර ආචාර්ය උපාධියද හිමිකරගෙන ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නේය. ඉන් අනතුරුව ඔහුට මෙරට විවෘත විශ්විවිද්‍යාලයේ ආචාර්ය ධුරයක් හිමිවන අතර, මේ වනවිට ඔහු එම ධුරයෙහි කටයුතු කරමින් සිටී.

දැන් ඔබ මෙම දකුණේ ධෛර්යවත් තරුණයාගේ විද්වත් පරිචයේ බොහෝ තොරතුරු දන්නේය. එසේ නම් මෙම කතාවේ යම් වැදගත් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණි සිටින්නේ මෙතැනදීය. එය වන්නේ කුමක්ද? එය නම් මෙම ලිපියේ ඉහතදී යම් අයුරින් හඳුන්වා දුන් ඔහුගේ දේශපාලනික භූමිකාවයි. මේ වනවිට නදීෂ් රංගන ද සිල්වා බොහෝ ක්‍රියාකාරී දේශපාලනයට පිවිස සිටින අතර, ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වී තිබෙන්නේ ගාලු පුරවරයේ ජනතාවට අවංක, කාර්යශූර සේවයක් ඉටුකිරීම සඳහා මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීමයි. ඔහු පසුගිය කාලයක් පුරා සහ දැනටද ගාලු පුරවරයේ ජනතාවගේ විවිධ ප්‍රශ්න සඳහා මැදිහත් වෙමින් ඒවාට පිළිතුරු සොයමින් කටයුතු කරන තරුණ නායකයකු ලෙස ප්‍රකටය. මේ හෙයින් ඔහුගේ උපන් ගම් ප්‍රදේශය වන රත්ගම ප්‍රදේශය තුළම එහි ජනතාවගේ හදවත් දිනාගැනීමට සමත් වී ඇත. සත්‍ය ලෙස නදීෂ් රංගන ද සිල්වා මෙරට පක්ෂ දේශපාලනයට අලුත් මුහුණකි. ඔහු මැතිවරණයකට තරග වදින ප්‍රථම අවස්ථාව මෙය වෙයි. එහෙත් ඔහු සමාජයීය ක්‍රියාශීලී මෙහෙවර රැසකම පසුගිය කාලයේ නිරත වී කටයුතු කර ඇත. ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ සංගමයේ හිටපු උපසභාපති මෙන්ම එහි මාධ්‍ය ප්‍රකාශ ලෙසද කටයුතු කර ඇත.

ආචාර්ය, නීතිඥ නදීෂ් රංගන ද සිල්වා නමැති විද්වත් මිනිසා මෙරට දේශපාලනයට අත්‍යාවශ්‍ය චරිතයක් යැයි බොහෝ පාර්ශ්ව අවධාරණය කර ඇත. ගාලු පුරවරය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමට ඔහු වැන්නකු අත්‍යාවශ්‍ය බව ඔවුන්ගේ මතයයි. වත්මන් දේශපාලනයේ දී පතාක වෘක්ෂයන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කර කඩාවැටෙන විටදී මෙවැනි විද්වත් මිනිසුන්ගේ අගය ජනතාවට දැනෙනු ඇත. නදීෂ් රංගන අපට ඕනෑ ඒ නිසාය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ විතරයි! විදුලිබල මණ්ඩලය විකුණන්නේ නෑ! පසුගිය 23 වැනිදා පැවැති රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කරයි! Sri Lanka Latest News

Next Post

ඊළඟ ප්‍රහාරය ලංකාවට එන්නේ කොහෙන්ද? ආණ්ඩුව වහා ගතයුතු පියවර මොනවාද? Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.