මන්නාරම් දිස්ත්‍රික්කයේ, ඉල්මනයිට් ඇතුලු ඛනිජ ද්‍රව්‍ය කැණීමට එරෙහිව මන්නාරමේ විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.Sri Lanka Latest News
” පොළොව අපගේ අයිතියයි….”, “ඛනිජ ද්‍රව්‍ය කැණීමෙන් අපගේ ජීවත්වීමේ ඇයිතිය අපෙන් උදුරා ගන්න කිසිවෙකුටත් අයිතියක් නෑ…”, “මේ විනාශ වෙමින් ඇත්තේ, අප ඉපදුනු හැඬුණු වැඩුණු භූමියයි…” යනුවෙන් සටන් පාඨ අතැතිව තරුණයන් විරෝධතාවයට එක්ව සිටිනවා.
‘කරුනිලම්’ යන තේමාව යටතේ දින දෙකක විරෝධතාවයක් මන්නාරමේ තරුණ තරුණියන්ගේ නායකත්වයෙන් මන්නාරම නගර මධ්‍යයේ පැවැත්වුණා.



















