වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි මට්ටක්කුලිය පොලිස් වසමේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් ඇතුළු පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන ඇත. (Sri Lanka Latest News)
මොවුන් නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක දින කිහිපයක් නවාතැන් ගෙන සිට නැවත කොළඹ ප්‍රදේශයට නැවත පැමිණෙමින් සිටියදී යුක්තිය මෙහෙයුම නැවත දියත් කරන ලද බවට ලද තොරතුරු මත මෙලෙස වරකාපොල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීම සදහා පැමිණි බවට විමර්ශන නිළධාරීන්ට අනාවරණය වී ඇත.
සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 10 ක්, කාන්තාවන් 05 ක් සහ කුඩා ළමුන් 08 දෙනෙකුට සිට ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය දියත් කරනු ලබන මෙහෙයුම්වලින් සැගවී සිටිම සදහා මොවුන් නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීම සදහා ගොස් ඇත.