යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ කැළෑවක සඟවා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් තෙලිපලෙයි පොලීසිය විසින් ඊයේ (21) දා සොයාගෙන තිබ. (Sri Lanka Latest News)
ලැබුණු ඔත්තුවක් මත එම මෝටර් රථය සොයාගත් පොලිසිය එහි සඳහන් අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ ඊට යොදා ඇත්තේ ව්‍යාජ අංකයක් බවයි.
මෝටර් රථය එම ස්ථානයට රැගෙන එන ලද පුද්ගලයා හා මෝටර් රථය අයත් කාටද යන්න පිළිබඳ තෙලිප්පලෙයි පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
පොලිසිය සැක කරනු ලබන්නේ මෙම මෝටර් රථය කිසියම් අපරාධයක් සඳහා යොදාගැනීමට සැලසුම් කිරීමක් හෝ යොදාගැනීමක් සිදුව ඇති බවටය.
එසේ නොමැති නම් කොළඹ දේශපාලනයට සම්බන්ධ අයකු මෙම මෝටර් රථය භාවිත කොට එය යාපනයට රැගෙනවිත් මේ අන්දමට කැලයක සඟවන්නට ඇතැයි යන සැකයද පොලිසියට මතුව ඇත්තේ මේ දිනවල එවැනි වාහන විවිධ පළාත්වලින් හමුවීම නිසාවෙනි.
lankasara









