ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීම වන්නේ පාස්කු ප්‍රහාරයට මුල් වූ කණ්ඩායම් සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කිරීම බවත් පාස්කු ප්‍රහාරය මුල් කර ගෙන පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වූ නිසා ජනතා වරමින් පාර්ලිමේන්තුවට පැමිණි 134 දෙනකු විසින් වත්මන් ජනාධිපතිවරයා පත් කර ගැනීමට කටයුතු කළ නිසා පාස්කු ප්‍රහාරයේ සුල මුල සෙවීමේ වගකීම වත්මන් ජනාධිපතිවරයාට ද පවතින බවත් ඒ නිසා සත්‍ය හෙළිදරව් කිරීමේ වගකීමක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ අවස්ථාවේ කිසිදු පුද්ගලයකු නොබෙදී සැවොම සත්‍ය කතා කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය මුල්කර ගෙන මළකදන් උඩින් සිදු කළ ඒ දේශපාලනය ප්‍රතික්ෂේප කරන බවත් මේ වන විට රටට සත්‍ය අවශ්‍ය වුවත් රජය එම සත්‍ය සැගවිමට කටයුතු කරන්නේ කුමන පාර්ශ්වයක් ආරක්ෂා කිරීමට ද කියා ප්‍රශ්න කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රජය දිගින් දිගටම සත්‍ය සඟවන්නේ නම් ත්‍රස්තවාදය පිටුදකින් විපක්ෂයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පුද්ගලයන් වෙනුවෙන් යුක්තිය ඉටු වන තුරු පෙනී සිටින බව ද පැවසිය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොල් වගාකරුවන් පිරිසක් සමඟ පැවැති හමුවකදීය.
පාස්කු ප්‍රහාරය තුළ මේ රටේ නිර්මාණය වූ අර්බුධත් සමඟ එම ප්‍රහාරයේ පසුබිම එහි සැලසුමකරුවන් මහ මොළකරුවන් සම්බන්ධයෙන් නිර්මාණය වූ ව්‍යාකුලත්වය සම්බන්ධයෙන් රජයෙන් සත්‍ය කුමක්ද කියා ප්‍රශ්න කර සිටින බවත් රජයක් ලෙස පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන්න උනන්දු නොවන්නේද කුමක්ද? කියා ද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේය.
ජාත්‍යන්තර සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් එහි මූලාරම්භය සංවිධාන කණ්ඩායම් සම්බන්ධ සැකසහිත තොරතුරු රැසක් අනාවරණය කර ඇති මොහොතක එහි සත්‍ය කවරේද? හා ඇයි සත්‍ය සොයන්න උනන්දු නොවන්නේ කියා ද විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.










