හිස කඳින් වෙන්කර, අමානුෂික ලෙස ඝාතනය කර සිටී 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුරක් මතුරට හේවාහැට රොක්වුඩ්වත්ත ප්‍රදේශයේ දී සොයා ගත් බව මතුරට පොලිසිය පවසයි.Sri Lanka Latest News
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එහි පදිංචි කරුපයියා සීට්ටු (70) නමැති කාන්තාව බව පොලීසිය පවසයි.
මෙම කාන්තාව ඉකුත් (6) දින සිට අතුරුදන්ව ඇති බවට ඇගේ පුතා හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් දමා ඇත.
සිය මවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් එක්ව සොයා බැලීමේදී ඔකඳගල ගල් කන්ද පාමුල තිබි හිස සහ වම් අතක් නොමැති මළ සිරුරක් සොයා ගෙන ඇත,
ඒ ආසන්නයේම සෝදිසි කිරීමේදී එම කාන්තාවගේ හිස හා අත් කොටස පමණක් ගමන් මල්ලක දමා තිබියදී ඊයේ (16) සොයාගෙන ඇත.
ඒ අනුව කිසියම් පුද්ගලයෙකු විසින් මෙම කාන්තාව ඝාතනය කර 20 කඳින් වෙන්කර කන්ද පාමුලට විසිකර, ඇති බව පොලිසිය පවසයි.
ඝාතනය සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිවී නොමැත.










