• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්පෝට් නිකුත් කිරීමේදී ඩොලර් මිලියනයක පාඩුවක්! වහාම පරීක්ෂණයක් පවත්වන්න! ආණ්ඩුවේ ස්ථාවරය රටට කියන්න! එපික් ලංකා සමාගමට ඖෂධ නියාමන සංස්ථාවේ දත්ත මගඩිය ගැනත් චෝදනා එල්ල වුණා! පෙරටුගාමී පුබුදු අලුත්ම පාස්පෝට් වංචාව ගැන රටට කරුණු කියයි! I Sri Lanka Latest News

October 28, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවත් ඒ හා සම්බන්ධ විශාල මහජන මුදල් වංචා වීමක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය විසින් නුගේගොඩ දී පවත්වන ලදීSri Lanka Latest News

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ.

” පහුගිය කාලේ ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීමේ ගැටලුවක් මතු වුණා. සාමාන්‍යයෙන් දවසට පාස්පෝට් 2800ක් පමණ ඉල්ලුමක් තිබුණත් පසුගිය කාලේ දවසට නිකුත් කලේ පාස්පෝට් 1000ක් විතරයි. ඊට හේතු වුණේ අලුත් වර්ගයේ පාස්පෝට් එකක් නිකුත් කිරීමට රජය ගත් තීරණය සහ එම තීරණය ක්‍රියාත්මක කිරීම බරපතල ලෙස ප්‍රමාද වීම. මෙතෙක් නිකුත් කළේ MRP (Machine Reading Passport). ඒ වෙනුවට චිප් එකක් සහිත, වඩා වැඩි ආරක්ෂක විශේෂාංග සහිත E Passport එකක් නිකුත් කරන්න රජය තීරණය කළා. එහෙම කරන්න නම් අලුතෙන් PKI (Public Key Infrastructure) එකක් අවශ්‍යයි. මුලින්ම ආව EOI (Expression of Interest) එකේ අලුතෙන් පාස්පෝට් කරන කෙනා PKI එකත් කළ යුතුයි කියලා තිබුණා. නමුත් ටෙන්ඩර් එකෙන් ඒක හැලුනා. අන්තිමට ටෙන්ඩර් කැඳෙව්වේ PKI නැතිව.

ටෙන්ඩර් කැඳවීමේ දී සමාගම් හතරක් ඉදිරිපත් වුණා. එයින් සමාගම් තුනක් තමයි සුදුසුකම් ලැබුවේ. ඒ අතරින් epic Lanka සමාගම එක්ක සම්බන්ධ peruriකියන සමාගම ඩොලර් 9.85ක් තමයි ඔවුන් ඉදිරිපත් කලා. ඊලඟට Irish කියන මැලේසියන් සමාගම එක්ක සම්බන්ධ metropoliton කියන සමාගම ඩොලර් 6.37ක් ඉදිරිපත් කරල තිබුණා. ප්‍රංශයේ thales සමාගමට සම්බන්ධ just in time කියන සමාගම ඩොලර් 5.02 ඉදිරිපත් කරල තියනවා. දැන් එතකොට මේකට අනුව අඩුම ප්‍රමාණය ඉදිරිපත් කරල තිබුණ just in time සමාගමට ටෙන්ඩරය ලබාදෙන්න තමයි තීරණය වුනේ. හැබැයි අවුරුදු 21ක් තිස්සෙ ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීම සඳහා මැදිහත් වුණ epic Lanka සමාගම මේ ටෙන්ඩර් කැඳවීමේ ප්‍රශ්නයක් තියනවා කියලා අධිකරණයට ගියා. ඒ කටයුත්ත එක්ක තමයි විද්‍යුත් පාස්පෝට් සම්බන්ධ කතාව පස්සට ගිහිල්ලා ලොකු පාස්පෝට් පෝළිමක් නිර්මාණය වුනේ.

දැන් මෙතන තියන ප්‍රශ්නෙ තමයි අධිකරණ නඩුවෙදි සාකච්ඡා වුණේ ටෙන්ඩර් කැඳවීමේ දෝෂයක් ගැන නෙමෙයි. Epic Lanka සමාගම දිගින් දිගටම කියල තිබුණෙ ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීමේ නෛතික බලය තියෙන්නෙ ඔවුන්ට ඒක නිසා වෙනත් සමාගමකට මේක ලබා දෙනවනං ඒ සඳහා ගෙවීමක් අවශ්‍යයි කියලා. නමුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒකට විරුද්ධ වුනා. නමුත් අන්තිමේදි අධිකරණය කියලා තිබුණෙ ගෙවනවනං එක් පාස්පෝට් එකක් සඳහා ඩොලර් 1.5ක් තමයි ගෙවිය යුත්තේ සහ එහෙම ගෙවනවද නැද්ද කියන කාරණය කමිටුවක් මගින් තමයි තීරණය වෙන්න ඕන කියලා. දැන් කමිටුවක් පත් කරල තියෙන්නෙ හැබැයි ඒ කමිටුව තවම නිර්දේශයක් ඉදිරිපත් කරල නෑ.

දැන් epic Lanka සමාගම ලිපියක් පෙන්නමින් යනවා ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීමේ බලය ඔවුන්ට තමයි තියෙන්නෙ කියලා ලංකාව ගිවිසුමකට එළඹිලා තියෙන්නෙ කියලා. නමුත් ආගමන විගමන දෙපාර්තමේන්තුව කියනවා එහෙම ලිපියක් තමන් සතුව නෑ කියලා. දැන් අපිට තියන ප්‍රශ්නෙ තමයි epic Lanka සමාගම කියන විදිහෙ ගිවිසුමකට ආගමන විගමන දෙපාර්තමේන්තුව අත්සන් කලාද ? ඒ ගැන වහාම විමර්ශනයක් කරන්න ඕන. දැනට පාස්පෝට් ලක්ෂ හතහමාරක් නිකුත් කරනවා just in time සමාගම. ඒ නිකුත් කරන හැම පාස්පෝට් එකකටම ඩොලර් 1.45 ගාණේ ගෙවන්න වෙලා තියනවා epic lanka සමාගමට. එතකොට මෙතන ඩොලර් මිලියනයක් විතර මුදල් ප්‍රමාණයක්. මේක අනවශ්‍ය සහ විශාල මහජන මුදල් විනාශයක්. වහාම රජය මේ සම්බන්ධයෙන් වහාම තමන්ගේ ස්ථාවරයක් රටට කියන්න ඕන.

දැන් ඔය කියන epic Lanka සමාගම තමයි මීට කලින් ජාතික ඖෂධ නියාමන සංස්ථාවේ දත්ත වංචාව සම්බන්ධ චෝදනාවට ලක් වුනේ.

ඒක නිසා ජන අරගල සන්ධානය විදිහට අපි රජයට කියන්නේ වහාම මේකට අදාලව විධිමත් පරීක්ෂණයක් කරන්න. ඒවගේම තමයි ඩොලර් මිලියනක් මහජන මුදල් නිකං සමාගමට දෙන්න රජයට කිසිම අයිතියක් නෑ. ඒක නිසා වහාම ඒ කටයුත්ත නවත්තන්න මැදිහත් වෙන්න. “

SendShareShare
Previous Post

දිලිත්ගේ පක්ෂයෙන් ක්වීන්ස් හෝටලයේ දෙන්න ගිය ටී පාටියකට මැතිවරණ කොමිසමෙන් පනී! පාටිය අන්තිම මොහොතේ නවත්වයි! Sri Lanka Latest News

Next Post

කෑමවල බදු අඩු කරනවා කිව්වා! පඩි වැඩි කරනවා කිව්වා! ණය ගන්නේ නෑ කිව්වා! පෝලිම නැති කරනවා කිව්වා! IMF ගිවිසුම වෙනස් කරනවා කිව්වා! උගන්ඩාවේ ඩොලර් ගේනවා කිව්වා! තෙල් වරායෙන් බාන ගානට 10ක් එකතු කරලා දෙනවා කිව්වා! මේවා කරන්නේ කවදාද? සජබ මරික්කාර් අනුරගෙන් අහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.