වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු බවට නියම කර ඇති නමුත් මේ දක්වා එම ප්‍රකාශ ලබා දී නැති 41 දෙනෙකුගේ නම් ලයිස්තුවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. Sri Lanka Latest News
එම පිරිස අතර, හිටපු කැබිනට් අමාත්‍යවරයෙක්, හිටපු ආණ්ඩුකාරවරු, හිටපු රාජ්‍ය අමාත්‍යවරු, හිටපු තානාපතිවරු, විදෙස් සේවයේ හිටපු ඉහළ නිළධාරීන් සහ විනිශ්චයකාරවරු ද සිටිති.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙන නම් අතර, පහත දැක්වෙන පුද්ගයන් සිටින බව පැවසේ.
ඩග්ලස් දේවානන්ද, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, පිල්ලෙයාන්, සුරේශ් රාඝවන්, රොෂාන් ගුණතිලක, සෙන්තිල් තොණ්ඩමන්, නවීන් දිසානායක.










