කොළඹ නිල නිවසින් ඉවත්ව තංගල්ලේ කාල්ටන් මහගෙදර පදිංචියට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දී ඇති බවක් වාර්තා වේ.Sri Lanka Latest News
ඉන් ප්‍රධානම ප්‍රශ්නය වී ඇත්තේ දිනපතාම පාහේ කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා කාල්ටන් නිවසට පැමිණීමය.
ඒ හරහා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුව ඇති බව ඒ මහතාට ආරක්ෂාව සපයන නිලධාරීන්ගේ ස්ථාවරය වී තිබේ.
මීට අමතරව කොළඹ සිටියදී ඉතා පහසුවෙන් වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව තිබුණද, තංගල්ල නිවසේ සිටියදී නිරතුරුවම වෛද්‍ය පරීක්ෂණවලට යොමුවීමේ සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අපහසුතාවක් මතුව තිබීම නිසා හිටපු ජනාධිපතිවරයාට සෞඛ්‍ය සම්බන්ධයෙන් තවත් විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇති බවක් දැනගන්නට ඇත.
මේ නිසා තාවකාලිකව හෝ පදිංචි වී සිටීම සඳහා කොළඹින් නිවසක් සොයාගැනීමේ උත්සාහයක හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නිරතව සිටින බවද දැනගන්නට තිබේ.










