ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක් මගින් නිකුත් කරන මත්පැන් බෝතල්වලට වතුර කලවම් කර විකිණීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසු කර ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ.Sri Lanka Latest News
මෙම ජාවාරම්කරුවන් පිරිස මත්පැන් බෝතල්වල මූඩි සූක්ෂම ලෙස ගලවා ඊට වතුර කලවම් කර නැවත මූඩි සවිකර විකුණා ඇති බවට අනාවරණය වී ඇත.
එවැනි මත්පැන් බෝතල් 33ක් ද සුරාබදු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
කෙසේ වෙතත් සුරාබදු කොමසාරිස්ජනරාල්තුමාගේ උපදෙස් පරිදි එම මත්පැන්හලට මුද්‍රා තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.










