• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිසිලින් නෝනාට වයස අවුරුදු 88යි! නිමල් මහත්තයට අවුරුදු 80යි! සාමාන්‍ය පෙළ ලියන්න වයස බාධාවක් කර නොගත් උසස් පෙළේ මිනිස්සු! Sri Lanka Latest News

March 29, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මිසිලින් නෝනාට වයස අවුරුදු 88යි! නිමල් මහත්තයට අවුරුදු 80යි! සාමාන්‍ය පෙළ ලියන්න වයස බාධාවක් කර නොගත් උසස් පෙළේ මිනිස්සු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි හැමෝම පාසල් ගිහින් ඉගෙන ගන්නේ කිසියම් බලාපොරොත්තුවක්, ඉලක්කයක්, අරමුණක් හිතේ තබාගෙනයි. පුංචිම කාලෙදී එහෙම ඉලක්කයක් ගැන නොතේරුණාට, සාමාන්‍ය පෙළ ඉවර කරලා උසස් පෙළට ගියාම අපි හැමෝගෙම හිතේ මොකක් හෝ අනාගත බලාපොරොත්තුවක් ගොඩනැගෙන්නේ ඉබේටමයි. ඉතින් දක්ෂතාව, උනන්දුව තියෙන කෙනා කොහොම හරි ඒ අධ්‍යාපන කඩඉම් ජය අරගෙන ඉහළටම ගිහින් තමයි නතර වෙන්නේ. අපි අහලා තියෙන කතාවක් තමයි ‘හිත ඇත්නම් පත කුඩාද?’ කියන එක. ඒ කියන්නේ හිතේ, කැමැත්ත, ඕනෑකම තියෙනවා නම්, ඕනෑම ඉලක්කයක් ජයගන්න පුළුවන් කියන එක. Sri Lanka Latest News

මම ඔබට කියන මේ කතාව අහන්න ලැබුණේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයත් සමගයි. මේ කතාව කියවන ඔබට හිතෙයි ජීවිතයේ අන්තිම කාලේ බණක් භාවනාවක් කරගෙන ඉන්නවා මිසක් විභාගයක් ලියන්න වෙහෙසෙන්නේ මොකටද කියලා. ඒත් එහෙම හිතන්න ඕනේ නැහැ. අපිට හැකියාව, ඕනෑකම තියෙනවා නම් විභාගයකට මුහුණ දීලා ඒකෙන් ජයගන්න වයස බාධාවක් වෙන්නේ නෑ.

පසුගිය බදාදා (26) අවසන් වුණු 2025 සාමාන්‍ය පෙළ විභාගයට අවුරුදු 80 සහ 88 යන වයස්වල පසුවන අපේක්ෂකයන් දෙදෙනෙක් පෙනීසිටීම තමයි අද මේ කතාවට තේමාව සැපයුවේ. මොකද ඒක ඉතා දුර්ලභ වගේම සුවිශේෂ සිද්ධියක් නිසා. එහෙම විභාගයට පෙනීසිටි දෙදෙනා පවසා සිටියේ ඔවුන්ගේ එකම අරමුණ අනාගත දරු පරම්පරාව විභාගය කෙරෙහි උනන්දු කරවීම තම එකම අරමුණ කියලයි. ඒ වගේම මෙවැනි වයෝවෘද කාලයක විභාගයකට මුහුණ දීම හරහා හිත ආතතියෙන් තොරව නිරෝගීව පවත්වාගත හැකි බවත් ඔවුන් පවසා සිටියා.

මෙලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දෙදෙනාගෙන් එක් අයකු වුණේ 1937 උපන් 88 හැවිරිදි මිසිලින් නෝනායි. ඇය විශ්‍රාමික ගුරුවරියක් වගේම ඇයට දරුවන් 07 දෙනකුගේ මවක්ද වනවා. ඇය ජීවත් වෙන්නේ අඟුරුවාතොට ප්‍රබුද්ධගම ගමේ. දියණිය සමග ජීවත් වන ඇගේ පිරිමි දරුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටින බවත් ඇය පැවැසුවා. මිසිලින් නෝනා අවුරුදු 40ක ගුරු සේවයෙන් පසු විශ්‍රාම සුවයෙන් පසුවන අතරතුරයි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ. ඒ, ඇගේ හිතේ කාලයක් පුරා තිබුණු බලාපොරොත්තුවක් වූ දෙමළ භාෂා විෂය ඉගෙනීමේ අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමේ අටියෙන්.

මිසිලින් නෝනාගේ මුල්ම ගුරු පත්වීම ලැබී තිබුණේ ඇයගේ වයස අවුරුදු 20දී. ඒ, මඩුගල්ල ප්‍රදේශයේ පිහිටි දුෂ්කර පාසලක් වූ කලවල පාසලටයි. ඇගේ ඒ මුල්ම ගුරුපත්වීම ගැන ඇය ආවර්ජනය කළේ මේ ආකාරයටයි.

‘වික්‍රමරත්න ලොකු ඉස්කෝලේ මහත්තයා තමයි මාව ඒ පාසලට අරන් ගියේ. කඳු පල්ලම් නැගලා බැහැලා කැලේ මැද්දෙන් පයින්ම ගිහිල්ලා එදා මම වැඩ භාරගත්තා. ඒක දැක්ක පරීක්ෂකයෙක් දුක හිතිලා වෙනත් ස්ථානයකට මාරුවක් ලබාදුන්නා. ඒ අකුරණ බලුගහතැන්න මුස්ලිම් ඉස්කෝලේ සිංහල විෂය උගන්වන්නටයි. එතනදි මට ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. මොකද මම දෙමළ දන්නේ නැහැ. ඒ දරුවෝ සිංහල දන්නෙත් නැහැ. මම නැවතිලා හිටියෙත් මුස්ලිම් ගෙදරක. කොහොම හරි අමාරුවෙන් දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළා. පසුකාලයේදී මහරගම පමුණුව විද්‍යාලය, අලව්ව විද්‍යාලය, දියසෙන්පුර විද්‍යාලය, අරණායක බකුල්වල විද්‍යාලය සහ ගනේතැන්න විද්‍යාලය කියන පාසල් රැසක මම ඉගැන්වීම් කටයුතු කළා…..’

ඇය තවදුරටත් පැවසුවේ මෙවැන්නකි.
‘ඒ කාලේ අද වගේ නෙවෙයි. තොරතුරු දැනුම ලේසියෙන් ගන්න බැහැ. නමුත් මම පුහුණුව සාර්ථකව නිමකළා. පුහුණුවෙන් පසු මම හොරණ කබල්ලාගොඩ විද්‍යාලයට තමයි ගියේ. පසුව මගේ ගම්පළාත වන ප්‍රබුද්ධගම වේරවත්ත ඉස්කෝලේට මාරුවක් ලැබුණා මං සතුටෙන් ගමට ආවත් පරීක්ෂකවරියක් ඒ සතුට විඳින්නට දුන්නේ නැහැ. මාව වරකාගොඩ ඉස්කෝලේට මාරුකළා. විශ්‍රාම ගැන්වීමට ආසන්න කාලයේ මම සේවය කළේ රෙමුණ විද්‍යාලයේ. වසර 40ක ගුරු සේවයෙන් පසුව 1996 වර්ෂයේදී තමයි මම විශ්‍රාම ගියේ. මම විශ්‍රාම අරගෙන දැන් අවුරුදු 30කට ආසන්නයි. ගෙදර දොරේ වැඩකටයුතු කරගෙන මැහුම් ගෙතුම් පන් මලු ආදිය වියන ගමන් මට හිතුණා දෙමළ භාෂාව ඉගෙන ගන්න ඕනේ කියලා. මොකද අපට දෙමළ භාෂාව සමාජයේදී නිතරම වුවමනා වෙනවා. නමුත් ඒ සඳහා මට ගුරුවරයෙක් නැහැ. දෙමළ පතපොත හොයාගෙන තනියෙන් තමයි ඉගෙන ගත්තේ. අවුරුදු 88ක් වන මම මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ අවුරුදු 16 දරුවෝ එක්ක විභාගයට මුහුණ දෙනවා. ඉගෙන ගන්න, විභාග පාස්වෙන්න වයස මට කිසිම ප්‍රශ්නයක් නෙවෙයි….’

අද මේ කතාවට පාදක වුණු අනෙක් තැනැත්තා තමයි 80 හැවිරිදි කිරිබේරියේ පදිංචි නිමල් සිල්වා. ඔහුත් තම වයස බාධාවක් කර නොගෙන මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් අපේක්ෂකයෙක්. ඔහුට මෙරට අධ්‍යාපන ක්‍රමය ගැන තිබෙන්නේ තරමක වෙනත් ආකල්පයක්. ඔහු ඒ ගැන කිව්වේ මේ විදියට.

‘මම විභාගය ලිවීමට බලපෑ මූලිකම හේතුව තමයි මේ රටේ බලධාරීන්ව හම්බවෙන්න යන්න ඕනෙ, අගමැතිනිය හම්බවෙන්න යන්න ඕනේ, එක්කෝ ජනාධිපතිතුමා හම්බවෙන්න යන්න ඕනේ මේ ළමයින්ට කරලා තියෙන විනාශය අවුරුදු ගණනාවක් තිස්සේ. ඉස්සර කාලේ අංක ගණන් කියලා පේපර් එකක් දුන්නා කලා විෂයන් කරන ළමයින්ට. වාණිජ කරන ළමයින්ට දුන්නා වාණිජ අංක ගණිතය. ඉංජිනියරින් කරන ළමයින්ට ශුද්ධ ගණිත පේපර්ස් 3ක් දුන්නා. ඒක දෙන්නේ නැහැ අද. හැම ළමයටම දෙනවා ඉංජිනේරු විභාගය කරන්න දෙන පේපර් එකක්. අනිත් එක මේවා මහ සංකීර්ණයි. මේ ළමයින්ට ඒවා හදන්න බැහැ. මහචාර්යවරුන්ටවත් හදන්න බැරි ගණන් අවුරුදු 15 ළමයින්ට දෙන්නේ. මේක නවත්තන්න ඕනේ. අනෙක පෙළ පොත්වල තියෙන කිසි දෙයක් මේ ළමයින්ට තේරෙන්නේ නැහැ. මේ ටියුෂන් නවත්තන්න ඕනේ. ටියුෂන් ගුරුවරු පාසල්වලට ගන්න ඕනේ වැඩි පඩිවලට. දූෂණ වංචා සියල්ල සිදුවෙන්නේ අධ්‍යාපනයේ තියෙන වැරැද්දෙන්. අධ්‍යාපනය හොඳට තිබුණා නම් මේ ළමයි පාරට රස්තියාදු වෙන්නේ නැහැ. ශිෂ්‍යත්වේ නවත්තන්න. අවුරුදු 7ක් වෙනකල් මොන්ටිසෝරි උගන්නන් එපා. මට කියන්න ඕන වෙලා තිබුණේ ඒ ටික. මට අගමැතිනිය හම්බවෙන්න ඕනේ. මොකද මේ කරුණු ටික පැහැදිලි කරන්න. මම ගණන් පොතක් පවා ලියලා තියෙනවා දරුවන්ට ඉගෙනගන්න…’ මේ මුහුකුරා ගිය අයට තියෙන්නේ රට ගැන දරුවෝ ගැන හැඟීමක්. මේ අධ්‍යාපන ක්‍රමයට තියෙන අකැමැත්ත. මේ සමාජයට සමහරු ඊර්ෂ්‍යා කරනවා. අනේ අරයා ඉගෙනගෙන අපිට ඉගෙන ගන්න හම්බුණේ නැහැ. ඔවුන් කියන්නේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය අන්සතු දේට වෛර කරන්නේ නැතුව තමනුත් ඒ තත්ත්වයටම ඒමට උත්සාහ දැරීමයි කළ යුතු වන්නේ. තමන්ට පෙර පිනකට ලැබුණු මනුෂ්‍ය ජීවිතයෙන් තව කෙනකුට ආදර්ශයක් දෙන්න පුළුවන් නම් කොයි තරම් උතුම් දෙයක්ද යන්න මේ දෙදෙනාම කියාපෑවා.

බොහෝ දෙනෙක් වයසට යනකොට පවුලේ ප්‍රශ්න දරුවන්ගෙන් උදව් උපකාර නොලැබීම් ගැන හිතලා මානසික ආතතියට පත්වෙනවා. උත්සාහය ආත්ම ශක්තිය හා ධෛර්යවන්තභාවය යම් කෙනකුට තියෙනවා නම් ඕනෑම අභියෝගයක් ජයගැනීමට වයස බාධාවක් නොවන බව මොවුන් ඔප්පු කළා. මුළු මිනිස් සමාජයටම ආදර්ශයක් ගෙන දුන්නා. ඉගෙන ගන්න උත්සාහ කරන හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ 88 වයසේ පසුවන මිසිලින් නෝනාවත් වයස 80 පසුවන නිමල් සිල්වාවත් ඔයාලාගේ ජීවිතවල ආදර්ශයක් ලෙස තබාගන්න කියලායි.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පත්තරකාරයෙක් වැඩ කරන්න ඕනේ මෙහෙමයි! Sri Lanka Latest News

Next Post

“ලොකු කට්ටක් කාලා තමයි මම පඩියක් නැග්ගේ” සංජානා ගමආරච්චි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.