• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

A ලෙවල් දැන් මේ ලෙවල්! Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
A ලෙවල් දැන් මේ ලෙවල්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උසස් පෙළ ප්‍රතිඵල ආවා. අපි හැමෝම ඒක දන්නවා. ඒ ප්‍රතිඵල අතර විශේෂ ප්‍රතිඵල කීපයක් තිබුණා. ඉතින් අපි ඒ ගැන කියන්න තීරණය කළා. වෛද්‍ය ෂාෆිගේ දුව මේ විදියට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගත්ත විශේෂ ශිෂ්‍යාවක් විදියට අපි දකිනවා. වෛද්‍ය ෂාෆි පහුගිය දවසක ඔහු සම්බන්ධව ලියපු කියපු මාධ්‍යවේදීනුත් එක්ක විශේෂ පොතක් එළිදක්වලා ලොකු වැඩක් කළා. ඇත්තටම ෂාෆිට අමතක වෙච්ච සහ ෂාෆි නොදන්නා කාරණය තමයි ෂාෆි වෙනුවෙන් වැඩිපුරම වෙහෙසුණු මාධ්‍යවේදීන් හිටියේ අපි ගාව. අපේ ප්‍රේමලාල් විජේරත්න මහත්තයා අද වෙද්දී ජීවතුන් අතර නැහැ. ඔහු ෂාෆි වෙනුවෙන් විශේෂ ලිපි ගණනක් ලියපු කෙනෙක්. ඒ වගේම ලියුම්කරු වන මම ෂාෆි ගැන හොයන්න, ෂාෆි වෙනුවෙන් පෙනීසිටින්න පේරාදෙණියේ ගියා. කුරුණෑගල රෝහලට අපි රහසිගතව ඇතුළු වුණා. කුරුණෑගල රෝහලේ කලින් සේවය කරපු හෙද හෙදියන් එක්ක ඒ ගැන සාකච්ඡා කළා. මේ ඔක්කොම අතර ෂාෆි ඒ ගැන දන්නේ නැහැ. ඔහු, තමන් වෙනුවෙන් ලියපු මාධ්‍යවේදීන්ට බොහොම ගෞරව කරලා අපි දැක්කා පහුගිය දවසක විශේෂ වැඩක් කරලා තිබුණා. ඒක හොඳයි. හැබැයි ෂාෆිගේ දුවට අපි ආයෙත් හිස නමා ආචාරය කරනවා. ලංකාවේ මිනිස්සු පුතේ ඔයාට රිදවද්දී, ඔයා දැඩි පීඩනයකට මුහුණ දුන්නු බව අපි දන්නවා. ඔබට පාසල් ගානකට යන්න සිද්ධ වෙච්ච බව අපි දන්නවා. ඒ සියල්ල දරාගෙන උසස් ප්‍රතිඵලයක් ලබාගත්ත ෂාෆිගේ දුව වීරවරියක් විදියටයි අපිට පේන්නේ. උසස් පෙළ විෂය ඉහළින් ජයග්‍රහණය කරනවා වගේම ජීවිතයේ දුෂ්කර ක්‍රියාවක ජයග්‍රාහකයකු වීමටත් ඔබට හැකියාව ලැබීම ගැන අපිට හරි සතුටුයි. Sri Lanka Latest News

ඒ අතර අපි දැක්කා තවත් ප්‍රතිඵලයක්. ඒ තමයි ජනිඳුගෙ ප්‍රතිඵලය. ජනිඳු කියන්නේ 2024 උසස් පෙළ විභාගයට පෙනීසිටි ශිෂ්‍යයෙක්. ජනිඳු ගම්පහ බණ්ඩාරනායක ජාතික පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. බණ්ඩාරනායක විද්‍යාලයේ පාපන්දු කණ්ඩායමේ නායකයා. මීටර් 400, මීටර් 1,500 පදක්කම්ලාභියෙක්. උසස් පෙළ කාලසීමාවේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට ඉඳලා අවසාන කාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත්වෙච්ච කෙනෙක්. ගණිත සංගමය, ක්‍රීඩා සංගමය කියන මේ හැම එකේම නායකත්වය දරපු කෙනෙක්. හැබැයි ජනිඳු මේ හැම දේම කරලා තමන්ගේ උසස් පෙළ ප්‍රතිඵලය ඉහළින්ම අරගෙන දිස්ත්‍රික්කයේ 8 වැනියා බවට පත්වුණු ශිෂ්‍යයා විදියට ජයග්‍රහණය ලබනවා ගණිත අංශයෙන් උසස් පෙළ ලියලා.
ඒ වගේම අවුරුදු 15න් ගණිත අංශයෙන් උසස් පෙළ කරලා ‘ඒ’ සාමාර්ථ 3ක් ලබාගත්ත ගම්පහ සපුමලුත් මේ වගේ විශේෂ ශිෂ්‍යයෙක්. සපුමල් 2009 ඉපදුණු ශිෂ්‍යයෙක්. එයාගේ වයසේ හැටියට හරිනම් එයා උසස් පෙළ ලියන්න ඕනේ 2028දී. ඒත් ඔහු අවුරුදු 4කට කලින් උසස් පෙළ ලියලා දිස්ත්‍රික් සමත් වීමක් සහිතව ‘ඒ’ තුනක් ලබාගන්න සමත් වෙනවා. ඉතින් ඔහුත් දක්ෂයෙක් විදියටයි අපි පේන්නේ.

ඒ වගේම අපිට තවත් වතාවක දැනගන්න ලැබුණා විශේෂ උසස් පෙළ ප්‍රතිඵලයක් විදියට යාපනයේ නිවුන්නු දෙන්නෙක්ගේ ප්‍රතිඵලය. යාපනයේ නිවුන්නු දෙන්නා ජීව විද්‍යා අංශයෙන් 1 සහ 2 ස්ථාන ලබාගන්නවා. ඒ වගේම අපි දැක්කා කැබිතිගොල්ලෑවේ හිටපු දුවලා දෙන්නා. ඒ දෙන්නාගේ අම්මා පිළිකා රෝගියෙක් විදියට ප්‍රතිකාර ලබමින් ඉද්දී දෙන්නා එකතු වෙලා දිස්ත්‍රික් සමත්වීම් සහිතව උසස් පෙළ ප්‍රතිඵලයක් ලබාගෙන තිබුණා. මේ වගේ විශිෂ්ට ප්‍රතිඵල බර ගානක් අපිට දකින්න ලැබුණා. ඒ වගේම රත්නමාලි බාලිකා විද්‍යාලයේ ප්‍රතිඵල ගැන අපිට හැමදාම කතාකරන්න සිද්ධ වෙනවා. ජාතික පළමු ස්ථානය, දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය, ඒ වගේම 3, 4, 5, 6, 8, 9, 12 ස්ථාන. ඒවගේම 13, 14, 15, 21, 20, 23, 25 කියන ස්ථාන ලබාගනිමින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වන්නට රත්නමාලි බාලිකා විද්‍යාලය සමත් වෙලා තිබුණා. අපි දැක්කා පින්තූරයක් පළවෙලා තියෙනවා. ඒ වගේම රත්නපුර සීවලී විද්‍යාලය ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. රත්නපුර සීවලී විද්‍යාලය සෑම අංශයකින්ම දිස්ත්‍රික් පළමුවැනියා සහිත පාසලක් බවට පත්වෙලා තිබුණා. ඉතින් ඔවුන් ගණිත අංශයෙන්, ජීව විද්‍යා අංශයෙන්, වාණිජ අංශයෙන්, කලා අංශයෙන් සහ තාක්ෂණවේදය කියන අංශ පහෙන්ම විශිෂ්ට ප්‍රතිඵල බිහිකරමින් පළමු වතාවට එකම පාසලකින් ස්ථාන 5ම ලබාගත් බව අපි සතුටින් සඳහන් කරන්න කැමැතියි.

මේ විදියට විශිෂ්ට ප්‍රතිඵල රාශියක් ලංකාව පුරා අපි දැක්කා. තවත් ශිෂ්‍යාවක් ගැනත් අපිට අහන්න ලැබුණා. ඇය සාමාන්‍ය ශිෂ්‍යයන්ට පෙර විභාගය ලියලා විශිෂ්ට ප්‍රතිඵල ගත්තු ශිෂ්‍යාවක්.

රනුලි කාවිද්‍යා විජයසිරිවර්ධන, කොළඹ විශාඛා විද්‍යාලයේ ශිෂ්‍යාවක්. ඒත් ඈ සාමාන්‍ය පෙළ ලියන්නෙ පාසලෙන් ඉවත් වෙලා. ඈ එකම අවුරුද්දෙ දෙපාරක්ම රජයේ ප්‍රධාන විභාග ලියනවා. මුල් කාලෙ සාමාන්‍ය පෙළත්, මාස කීපයකින් උසස් පෙළත් විදියට. ඈ එකම වසරක විභාග දෙපාර්තමේන්තුවෙන් A 11ක් සහ B 1ක් ගන්න සමත් වෙනවා ඇගේ නමට. සාමාන්‍ය පෙළ A 8යි B 1ක් සහ උසස් පෙළට A 3ක් විදියට. ඈ මේ විශිෂ්ට ජය ලබාගන්නෙ ගණිත අංශයෙන්.

මේ වගේ විශිෂ්ට ප්‍රතිඵල තව ඕනෙ තරම් ඇති. එහෙම තියෙනවා නම් අපිට කියන්න. අපි ඊළඟ සතියෙත් මේ ගැන ලියන්න ලෑස්තියි. තව විස්තර තියෙනවා නම්…

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අල්විස් පරම්පරාවේ තාත්තාගෙන් පුතාට ආ අලි පිස්සුව! Sri Lanka Latest News

Next Post

ඇමැතිවරුන් 4 දෙනකුට උසස්වීමක්! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.