‘අයිසීසී හෝල් ඔෆ් ෆේම්’ සම්මානය ලබා අද (18) දිවයිනට පැමිණි හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා, සිය සම්මානය වෙනුවෙන් පාර්ශ්ව කිහිපයකටම සිය ගෞරවාදරය සහ ස්තූතිය පුද කළේය.Sri Lanka Latest News
සිය දෙමව්පියන්, පුහුණුකරුවන්, ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ ලොව පුර සිටින ක්‍රිකට් ලෝලින්ට අරවින්ද ද සිල්වා සිය ස්තූතිය පුද කරන්නට යෙදිණි.
මෙවර ලෝක කුසලානය පිළිබඳ මාධ්‍යවේදින් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අරවින්ද ද සිල්වා මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිතූ තරම් දක්ෂතා පෙන්වීමට නොහැකි වූ නමුත් අඩුපාඩු සකසාගෙන ඉදිරිය සාර්ථක කරගැනීම සඳහා එකමුතුවෙන් කටයුතු කළ යුතු බවයි.
ඒ සඳහා කෙටි කාලීන සැලසුම් වෙනුවට දිගු කාලීන සැලසුමක් සහිත ව ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
ක්‍රීඩකයන් ගේ හැකියාවන් තුළ අඩුපාඩුවක් නැති බවත් ඔවුන්ට අවශ්‍ය වන්නේ, නිවැරැදි මඟ පෙන්වීමක් බවත් ඔහු පැවසීය.
අයිසීසී ක්‍රිකට් තහනම ගැන අදහක් දැක්වූ අරවින්ද ද සිල්වා සඳහන් කළේ, එය නීතිමය පාර්ශ්වයන් ගේ සාකච්ඡාමය මැදිහත් වීමකින් විසඳුමකට එළැඹිය යුතු කාරණයක් වන බවයි.
ඒ ගැන තමාට අදහසක් පළ කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
තනි තනි පුද්ගලයන් වශයෙන් එකිනෙකාට චෝදනා කිරීම නොව, සියලු දෙනා එකතු වී ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සඳහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අරවින්ද ද සිල්වා මහතා විශේෂයෙන් අවධාරණය කරයි.
කටකතාවලට යටත් නොවී විනිවිදභාවයක් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට රැගෙන යාම අපහසු කාර්‍යයක් නොවන බව ද ඔහු පැවසීය.










