පසුගිය කාලයේදී ජනාධිපතිවරයාට සහාය පළකරමින් ආණ්ඩුවට එක්වූ පක්ෂ නායකයකු නැවත වතාවක් විපක්ෂය සමග එක්වීම සඳහා සාකච්ඡා ආරම්භ කොට ඇති බවක් දැනගන්නට තිබේ.Sri Lanka Latest News
හෙතෙම ආණ්ඩුවට එක්වීමේදී කොන්දේසි රැසක් ඉදිරිපත් කොට තිබුණද මෙතෙක් ඒ කොන්දේසි ඉටු නොවීම හේතුකොට ගෙන මෙසේ මෙම පක්ෂ නායකයා නැවත වතාවක් විපක්ෂය සමග එක්වීමට සාකච්ඡා ආරම්භ කොට ඇති බව පැවසේ.
මේ වන විට මෙම සාකච්ඡා සාර්ථක වී ඇති අතර, නුදුරු දිනෙකදීම හෙතෙම නැවත වතාවක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගනු ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් ආණ්ඩුවට එක්වූ මෙම පක්ෂ නායකයා යළි සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්රීවරුන් රැසක් සිය විරෝධය පළ කොට ඇති බවද දැනගන්නට තිබේ.