නීති විරෝධී මත්පැන් හේතුවෙන් මෙරට සුරා බදු ආදායම සියයට තිහකින් පමණ ම අහිමිවී ඇතැයි සුරබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
නීති විරෝධී මත්පැන් නැති කිරීම සඳහා වැටලීම් කරන අතරතුර විකල්ප වැඩපිළිවෙලක් අවශ්‍ය බවද ඒ මහතා පෙන්වා දෙයි.
ඒ අනුව දැරිය හැකි මිලකට ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බවද ඒ මහතා සඳහන් කළේය.
ප්‍රමිතියෙන් යුතුව රස පරීක්ෂණක දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය සහිතව නව මත්පැන් වර්ගයේ වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටී.
මෙය සුරා බදු ආදායම් වැඩි කිරීමට හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදුකරන්නක් නොව මහජනතාවගේ සුබ සුද්දිය වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නක් බවද ඔහු කියා සිටියේය.










