කොළඹට නුදුරු ජාතික පාසලක අධ්‍යාපනය ලබන උසස්පෙළ සිසුවියක් ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීමෙන් 07 දා ජීවිතක්ෂයට පත්ව ඇති බව හෝමාගම මූලික රෝහල් ආරංචි මාර්ග පවසයි.Sri Lanka Latest News
මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹට නුදුරු ජාතික පාසලක උසස්පෙළ හදාරන මීගොඩ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදී පාසල් සිසුවියක බව පැවසේ.
මෙම සිසුවිය සිය මව සමග 07 දා නිෙවසේ රැඳී සිටියදී එක්වරම කිසියම් අසාත්මිකතාවයකට පත්ව ඇති අතර, ඒ පිළිබඳව පියාට දැනුම්දීමෙන් පසුව පියා නිෙවසට පැමිණ ත්‍රිරෝද රථයකින් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව එහි මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැය දෙකකට පමණ පසුව ඇය මියගොස් තිබූ අතර, මෘත දේහය පිළිබඳ මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී පවත්වා තිබිණි.
එහිදී මෘත දේහය පිළිබඳ සිදුකළ මරණ පරීක්ෂණයේදී මියගිය සිසුවිය ඖෂධ පෙති 65 පමණ පානය කර ඇති බවට අනාවරණය වී ඇති බවත්, ඒ හේතුවෙන් මෙසේ මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බවටත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මීගොඩ පොලීසියට ලද පැමිණිල්ලට අනුව සිදු කළ මූලික විමර්ශනයේදී මෙම සිසුවිය අ.පො.ස. සා.පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ලබා උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුවියක බවත්, ඇය අධ්‍යාපන හා බාහිර ක්‍රියාකාරකම්වලට ඉහළ කුසලතා දක්වන අයෙක් බවත්, මෙසේ ඖෂධ පෙති කුමන හේතුවක් නිසා පානය කළාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වති.










