දරුණු කැපුම් තුවාල සහිතව කුරුණෑගල බස් නැවතුම්පොළ තුළ වැටී සිටි අයෙකු රෝහල්ගතකර තිබේ.Sri Lanka Latest News
මෙලෙස රෝහල්ගතකර ඇත්තේ කුරුණෑගල සුමංගල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවත් මත්ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් මෙලෙස පිහියකින් සිය සිරුරට තුවාල සිදුකරගෙන ඇති බවට පොලීසිය සැකපළ කරයි.
මෙලෙස තුවාල සිදුකරගෙන ඇති පුද්ගලයාට මීට පෙර විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා 13කට ආසන්න ප්‍රමාණයක් එල්ලවී ඇති බවද පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය සොයාගැනීමට නොහැකි වීමත් සමග සැකකරු විසින් පිහිතලයක් ගෙන සිය ගෙල සහ පපුව ප්‍රදේශයට හානි සිදුකරගෙන ඇති බවට වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත.
කුරුණෑගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.










