පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා දීම සිද්ධ වූ පසුගිය අඟහරුවාදා දිනයේ දී, අධිකරණය ඉදිරියේ පැවති විරෝධතාවය අතරත-ුරු, එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරියෙකුට බෝතල් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නගර සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත්ව සිටින නාගරික මන්ත්‍රීවරයෙකු වන ධනුක හෙට්ටිආරච්චි යන අයයි.










