• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ගියා! මෛත්‍රී ගියා! ඔන්න දැන් අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ දූත පිරිසක් ඉන්දියාවට ගිහින්! I Sri Lanka Latest News

February 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුර ගියා! මෛත්‍රී ගියා! ඔන්න දැන් අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ දූත පිරිසක් ඉන්දියාවට ගිහින්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළෙ ක්‍රියාවට නැංවේ.Sri Lanka Latest News

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේදී දෙරටේම ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දෙරට අතර සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයන් එකඟ වූ අතර විශේෂයෙන් දෙරටේ ජනතාව අතර (people-to-people) සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු විය.

මේ වන විට ඉන්දියාව සිවිල් සේවාවන්හි ධාරිතාව ගොඩනැංවීම උදෙසා දැවැන්ත වැඩසටහනක් දියත් කර තිබෙන අතර රාජ්‍ය අංශයේ ධාරිතාව ගොඩනැංවීමේ ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් නව්‍යකරණයෙන් සහ කාර්යක්ෂමව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ ජ්‍යෙෂ්ඨ මට්ටමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (National Center for Good Governance, India) අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන ක්‍රමවේදය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

එම සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ගොස් අදාළ ඉන්දීය ආයතන සමඟ තවදුරටත් සාකච්ඡා කොට සුදුසු ධාරිතා සංවර්ධන සහයෝගීතා වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කිරීමට තීරණය විය.

ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම්, අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ යන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 14 දෙනකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමකට ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයෙහි පෙබරවාරි 12 -17 දක්වා පැවැත්වෙන වැඩසටහනක් සඳහා එක්ව සිටී. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඉන්දියානු රජය විසින් සපයා දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන 12ක් නියෝජනය වන පරිදි ප්‍රධාන වශයෙන් විද්‍යුත් ප්‍රසම්පාදනය (e-procurement) ඇතුළු රජයේ ප්‍රමුඛ සේවාවන් සඳහා ඩිජිටල්කරණ නිරාවරණය (Digitalization Exposure in Core-functions), අලුතින් බඳවාගන්නා රාජ්‍ය සේවකයන්ගේ ධාරිතා සංවර්ධනය, දුෂණ විරෝධී පියවර (Anti-Corruption Measures), ආයෝජන පහසුකම් සැලසීම සහ ආහාර ද්‍රව්‍යවල මධ්‍යම මිලකරණ යාන්ත්‍රණය (Central Pricing Mechanism of Foods) යන ක්ෂේත්‍රවල අදාළ ආයතනවල ධාරිතා සංවර්ධනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ මෙහිඳී අවධානය යොමු කෙරේ.

රාජ්‍ය සේවයේ ගුණාත්මක පරිවර්තනයක් සඳහා මෑතකදී ක්‍රියාත්මක කරන ලද මූලාරම්භයන් හරහා ඉන්දියාව විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය හා අදාළ ඉන්දීය රාජ්‍ය ආයතන විසින් ආර්ථිකය වර්ධනය අරභයා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්තිමය, ආයතනික හා මෙහෙයුම් වැඩි දියුණු කිරීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙහිදී නියෝජිත පිරිස කටයුතු කරනු ඇත.
එමෙන්ම තිරසර ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට පියවර ගන්නා අතරතුර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වන රාජ්‍ය ආයතනවල ධාරිතාව ඉහළ නංවා ගැනීමත්, අදාළ ඉන්දීය ආයතන සමඟ ඇති කර ගත හැකි ආයතනික සහයෝගීතාවන් හඳුනා ගැනීමත් නියෝජිත කණ්ඩායමේ අපේක්ෂාව වේ.

ශ්‍රී ලංකා දූත පිරිස මෙම සාකච්ඡා සඳහා එක්වන අතරතුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, පිරිස් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහජන දුක්ගැනවිලි අමාත්‍ය, විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් ලේකම් ඇතුළු නිලධාරීන් සමඟද අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-02-14

SendShareShare
Previous Post

මෛත්‍රී කියපු කතාව හරි! කරූගෙ සාධාරණ සමාජය ඡන්ද ක්‍රමය වෙනස් කරන සාකච්ඡාවක් කැඳවයි! ඡන්දයට මාස ගාණක් තියා ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න බැරි බව කියමින් මද්දුමබණ්ඩාර විරෝධය පළ කරයි! ‘මිනිස්සුන්ට ජනාධිපතිවරණ ඕන නෑ! ගෙනාවොත් මම අත උස්සනවා..’ රාජිත පක්ෂ වෙයි! ජනාධිපති ක්‍රමය වෙනස් කරන යෝජනාව ඉදිරියටම ගෙනියනවා! අන්තිමේදී කරූ කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනපති කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට ගිහින් 2024 පෙළපොත්-නිල ඇඳුම් රෙදි බෙදාදෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

පුරන් කුඹුරුවල හැදූ බඩඉරිඟු… වෙළෙඳ ඇමති හොඳ කියද්දී ගොවියෝ ගැටලු පෙන්වති. "බඩඉරිඟු වවන එක වාසිදායකයි… මඩේ ඉරිඟු හිටවන්න පුළුවන්ද? Sri...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.