වැල්ලවාය ප්‍රදේශයට ඊයේ (24) පස්වරුවේ සිට පැවැති ධාරානිපාත වර්ෂාපතනය නිසා කිරිදි ඔය පිටාර ගැලීමෙන් වැල්ලවාය ප්‍රදේශයේ නිවාස පනහක් පමන ජලයෙන් යට වී ඇත. (Sri Lanka Latest News)
වැල්ලවාය,නුගයාය සහ බුදුරුවාගල යන ප්‍රදේශවල නිවාස මෙලෙස ජලයෙන් යට වූ අතර එම නිසා නිවාසවල තිබූ භාණ්ඩවලටද දැඩි අලාභ හානි සිදු වී තිබේ.
කිරිදි ඔයේ ජල පහරට අසල නිවසක නවතා තිබූ මෝටර් රථයක් ද ගසාගෙන ගොස් ඇත.
මේ වන විට ජල පහර සම්පූර්ණයෙන්ම පාහේ බැස ගොස් ඇති අතර විපතට පත් වූ පිරිසට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බවයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා සදහන් කලේ.
newscenter










