ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
හැටන් නගරයේ ව්‍යාපාරික ස්ථානයක චෙක්පත් ගනුදෙනුවක් මුල් කරගනිමින් උණුසුම් තත්ත්වයක් හටගත්තේය.Sri Lanka Latest News
මහරගම ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයන් පිරිසක් බීමත්ව කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත විය.
අදාළ පිරිස ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වී එහි හිමිකරුට බැණ වැදී තර්ජනය කර ඇති අතර, එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සහ මෙම පිරිස අතර ද දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය විය.
වහාම ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ නිලධාරීන් පැමිණ, කලහකාරී ලෙස හැසිරුණු මහරගම පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් ස්ථානය වෙත රැගෙන යනු ලැබීය.


















