රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. (Sri Lanka Latest News)
රාජ්‍ය ලාංඡනය සහිතව රෝහලට ඇතුළු වීමේදී එම රථය රාජකාරී අවශ්‍යතාවයක් සදහා ඇතුළු වන බව හඟවමින් ඉතා සූක්ෂමව රෝහල් පරිශ්‍රයට ඇතුළු වී රෝහල පිටුපස පිහිටි මෘතශරීරාගාරය අසල මෙසේ දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටි.
එම රථය දින කිහිපයක් තිස්සේ මෘත ශරීරාගාරය අසල නවතා තිබෙනු දැක ඒ පිළිබඳව විපරම් කිරීමේදී එහි හිමිකරුකු නොමැති බවට තොරතුරු අනාවරණය වීමත් සමග එම රථය බාහිර පුද්ගලයකු විසින් රෝහල් පරිශ්‍රයට ගෙනනැවිත් මෙසේ දමා ගොස් ඇතැයි පැවසේ.
පසුව රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශය මැදිහත් වී මේ බව පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් පැමිණ අදාළ රථයේ ඡායාරූප සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉහළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
lankadeepa










