• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිළිකා මාරයා පරද්දයි! රුසියාවෙන් ලෝකයටම සුබ පණිවුඩයක්! Sri Lanka Latest News

September 13, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පිළිකා මාරයා පරද්දයි! රුසියාවෙන් ලෝකයටම සුබ පණිවුඩයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමාන ලෝකය තුළ මිනිසුන්ට වැලඳෙන විවිධ වූ රෝග පිළිබඳ විටින් විට අපට අසන්නට ලැබෙයි. බෝවන රෝග මෙන්ම බෝනොවන රෝගද කුඩා, තරුණ හා වැඩිහිටි ආදී සියලු මිනිස් කාණ්ඩ හමුවේ ව්‍යාප්ත වීම වර්තමානයේදී දැවැන්ත ගැටලුවක් වී ඇත. මන්දයත් ලෝකය සංවර්ධනය වීම යනු භෞතික සම්පත් පමණක් සංවර්ධනය වීම නොවේ. මානව ජීවිතයත් සංවර්ධනය වීමයි. එනම්, සෞඛ්‍යසම්පන්නභාවයෙන් යුතුවීම හුදෙක් ලෝකයේ සංවර්ධනය ලෙස අර්ථකථනය කරනු ලබයි. ඒ අනුව මානව ජීවිතයට තුඩුදුන් බරපතළ වූ රෝගයක් වූයේ පිළිකා රෝගයයි. විවිධ වූ අවස්ථාවල, බොහෝ රටවල් පිළිකා රෝගය මැඬලීම වෙනුවෙන් එන්නත් ,ඖෂධ ආදිය නිෂ්පාදනය කළද සාර්ථක වූ කිසිදු පිළියමක් ඒ සඳහා මෙතෙක් කල් වාර්තා වූයේ නැත. එවැනි කාලසීමාවක් තුළ පිළිකාව ජයගැනීමට රුසියාවට මේ වනවිට හැකියාව ලැබීම ලෝකයක් හමුවේ අප ජයග්‍රහණය කළ එක් කඩඉමකි.Sri Lanka Latest News

ඒ අනුව ‘එන්ටරොමික්ස්’ නමින් සාර්ථක පිළිකා එන්නතක් නිෂ්පාදනය කිරීමට සමත් වූ බව පසුගියදා රුසියාව නිවේදනය කරනු ලැබීය. මිනිසුන් යොදාගෙන අත්හදා බලමින් 100%ක සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව ඔවුන් එහිදී පැවැසීය. තවද එම්.ආර්.එන්.ඒ. එන්නතක් වන ‘එන්ටරොමික්ස්’ එන්නත පිළිකා සෛල හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැනසීමට පවා හැකි බව පර්යේෂකයන් විසින් පෙන්වාදී ඇත. එමෙන්ම මෙම එන්නත ජාතික වෛද්‍ය විකිරණ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ සහ එංගල්හාර්ඩ් අණුක ජීවවිද්‍යා ආයතනය එක්ක නිපදවා ඇති බවත් තවදුරටත් සඳහන් කොට ඇත.

පිළිකා රෝගය පිළිබඳව අදහස් කිරීමේදී පිළිකාව යනු මිනිස් සිරුරේ සෛලවල ඇතිවන රෝගී තත්ත්වයකි. විවිධාකාරයේ සෛලයන් සිරුර තුළ පවතින බැවින් එම විවිධාකාරයේ පිළිකා සෛලද එහිදී හටගනු ලබයි. මෙහි සඳහන් පොදු ලක්ෂණය නම් එම පිළිකා සෛල අසාමාන්‍ය වීමත් මෙන්ම පාලනයකින් තොරව වර්ධනය වීමත් යන කරුණුය. මෙම පිළිකා රෝගයට දීර්ඝ ඉතිහාසයක් පවතී. ඒ මන්දයත් පැරැණිම අතීත ශිෂ්ටාචාරය වූ ඊජිප්තුවේ ඇති මමියන්හි අස්ථිවල හා සමේ පිළිකා ඇතිවී තිබූ බවට සාක්ෂි අදටත් පවතී. එනමුත් මමියන් දහස් ගණනක් පරීක්ෂා කර මෙම රෝගය සම්බන්ධ තොරතුරු අනාවරණ වී ඇත්තේ ඉතා සුළු වශයෙනි. මෙම රෝගය පැරණි මුතුන්මිත්තන්හට බහුලව නොවැලඳුණු බව ඉතා පැහැදිලිය. නමුත් වර්තමානය වනවිට මෙම රෝගය ඉතාමත් වේගයෙන් ව්‍යාප්තවීම හුදෙක් වෙන්වූ රටක් රාජ්‍යයක් නොමැති තරම්ය. පිළිකා රෝගය ලෝකයේ ඕනෑම රටක, ඕනෑම ජන වර්ගයකට, ඕනෑම වයස් කාණ්ඩයක මිනිසුන් හට වැලඳෙනවා මෙන්ම කොටි, වලස්, ගෝන, මුව ආදී සතුන් අතරත් මෙන්ම නොයෙක් ශාකවලටද මෙම පිළිකා රෝගී ලක්ෂණය දක්නට ලැබීමත් විශේෂත්වයකි.

ලෝකය පුරාම මේ වනවිට ඉතාමත් ශීඝ්‍රයෙන් පිළිකා රෝගය ව්‍යාප්ත වෙමින් පවතී. බොහෝ මිනිස් ජීවිත සඳහා මරණයේ දොරටු විවෘත කර ඇති අතර, වාර්ෂිකව මිලියන දහයක් පමණ නව රෝගීන් පිළිබඳ බොහෝ සෙයින් වාර්තා වේ. එමෙන්ම මිලියන හයකට වැඩි ප්‍රමාණයක් පිළිකා රෝගය හේතුවෙන් මියයන බවත් ඔවුන් තවදුරටත් සඳහන් කරනු ලබයි. සිරුරේ ඇතිවන සෑම ගෙඩියක්ම පිළිකාවක් නොවන නමුත් ඒ පිළිබඳ වෛද්‍ය පරීක්‍ෂණ මගින් තීරණය කරගැනීම ඉතාමත් වැදගත් වේ. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝගය හඳුන්වන්නේ ගඩු, බන්ධන, ඇට පලා ගෙඩි, සුවකළ නොහැකි වණ ලෙසින්ය. පිළිකා සෛල හටගන්නේ අපගේ ශරීරයේ ඇති සාමාන්‍ය සෛලවලින්මය. අපගේ සෛල න්‍යෂ්ටියේ වර්ණදේහ නම් වූ ජාන කොටස් විශේෂයක් ඇති අතර එය සෑදී ඇත්තේ ඩී.එන්.ඒ.වලින්ය. ඩී.එන්.ඒ. මගින් සෛල බෙදෙන විට ඩී.එන්.ඒ. දෙගුණ වී දෙකට බෙදෙනු ලැබේ. පිළිකාව හටගැනීමට හේතුවන කරුණු නිසා සාමාන්‍ය ජාන සෑදී ඇති ඩී.එන්.ඒ. විකෘති වී එම ජාන පිළිකා ජානයක් බවට පරිවර්තනය වේ. සෛල බෙදීම අනවශ්‍ය ලෙස සිදුවීම මෙම පිළිකා රෝගයට මූලිකම හේතුවයි. තවද විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් මෙම රෝගය ඇතිවීම සඳහා පුද්ගල චර්යාවන්ද යම් හෝ ආකාරයකින් බලපෑම් ඇති කරන බවය.

ඒ අනුව අධික දුම්කොළ භාවිතය, අධික මත්ද්‍රව්‍ය භාවිතය, රැකියා ආශ්‍රිත හේතුන් හෙවත් ලී කුඩු, ඩයි ආදිය භාවිතය, පරිසර දූෂණය ආශ්‍රිත හේතූන්, ආහාර රටාවේ වෙනස්කම් හෙවත් ක්ෂණික ආහාර හා කෘත්‍රිම ආහාර ගැනීම, ඖෂධවල බලපෑම, දීර්ඝකාලීන ආසාදන හා ප්‍රතිශක්ති ඌනතා ආදිය හුදෙක් පිළිකා ඇතිවීම සඳහා බලපාන මූලිකම හේතු සාධක වේ. එමෙන්ම විවිධ වූ පිළිකා වර්ග මේ වනවිටත් හඳුනාගෙන ඇත. ඒ අතරින් කාසිනෝමාවන්, සාකෝමාවන් හා ලියුකේමියාව යනු ප්‍රධානතම පිළිකා වර්ග කිහිපයකි.
රුසියාවෙන් බිහිවූ පිළිකා එන්නත පිළිබඳ හා ජීවවිද්‍යා ඒජන්සියේ ප්‍රධානී වෙරෝනිකා ක්වොටොසොවා පවසන්නේ මේ වනවිට මෙම එන්නත ආරක්‍ෂිත හා ප්‍රබල ලෙස ක්‍රියාකරන බවට පූර්ණ සායනික අත්හදා බැලීම්වලින් සනාථ වී ඇති බවයි. එමෙන්ම නැගෙනහිර ආර්ථික සංසදයේදී අදහස් දක්වමින් ඇය තවදුරටත් පවසා ඇත්තේ එන්නත භාවිතයට මුදාහැරීම වෙනුවෙන් නිල අවසරය අපේක්ෂාවෙන් පසුවන බවයි. තවද කොවිඩ් එන්නතක් ලෙස භාවිත කළ එම්.ආර්.එන්.ඒ. එන්නත යොදාගත් තාක්ෂණයම භාවිත කරමින් වැඩිදියුණු කරන ලද පිළිකා එන්නත ‘එන්ටරොමික්ස්’ පිළිකා එන්නත ලෙස දැනට අර්ථකථනය කරනු ලබයි.

මෙම එන්නත පිළිකා සෛල හඳුනාගෙන ඒවාට පහර දීම සඳහා රෝගියාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මූලිකවම පුහුණු කරනු ලබයි. මූලික සායනික පරීක්ෂණවලින් මෙම එන්නත පිළිකා සෛලවලට එරෙහිව විශිෂ්ට සටන්කාමී හැකියාවක් පෙන්නුම් කර ඇත. එම පර්යේෂණවලදී පිළිකා සෛලවල ප්‍රමාණය 60%ත් හා 80%ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇති අතර පිළිකා වර්ධනයද මන්දගාමී වී ඇත. එසේම රසායනික චිකිත්සාව හෝ විකිරණ ප්‍රතිකාර මෙන් බරපතළ අතුරු ආබාධ කිසිවක් මෙම එන්නතෙන් වාර්තා වී නොමැත. මෙම එන්නත මූලිකවම මහා බඩවැලේ පිළිකා සඳහා ඉලක්ක කර ඇති අතර ග්ලියෝබ්ලාස්ටෝමා හා මෙලනෝමා වැනි වෙනත් පිළිකා වර්ග සඳහාද එන්නත් සංවර්ධනය වෙමින් පවතී. එය පූර්ව සායනික පර්යේෂණ සාර්ථකව අවසන් කර ඇති අතර නැවත නැවතත් ලබාදීමේදී පවා එහි ආරක්ෂාව බොහෝ දුරට තහවුරු කොට ඇත.
තව දුරටත් සඳහන් කිරීමේ දී මෙම මූලික ප්‍රතිඵල ඉතා බලාපොරොත්තුසහගත වුවත් දීර්ඝ කාලීන දත්ත තවමත් පළවී නොමැති බැවින් මේ පිළිබඳ කල්පනාකාරී වියයුතු බවටද අවවාද කර ඇත. 100%ක සාර්ථකත්වයක් පිළිබඳ මෙම ප්‍රකාශය පදනම් වී ඇත්තේ පූර්ණ සායනික පර්යේෂණ හා මුල් අවධියේ මිනිස් පරීක්ෂණවල ප්‍රතිඵල මතය. කෙසේ වුවත් පුළුල් රෝගී කණ්ඩායම් මත මෙම එන්නතෙහි සඵලතාව තහවුරු කිරීම වෙනුවෙන් විශාල දෙවැනි සහ තෙවැනි අදියර සායනික පරීක්ෂණ තවදුරටත් අවශ්‍ය වේ. මෙම එන්නත සංවර්ධනය කර ඇත්තේ රෝගකාරක නොවන වෛරස් හතරක සංයෝගයක් මත පදනම් වීය. එමගින් රෝගියාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සක්‍රීය කර පිළිකා සෛල විනාශ කිරීම හෝ ඒවායේ වර්ධනය මන්දගාමී කිරීම සිදුකරනු ලබයි. එසේම එක් එක් රෝගියාගේ පිළිකා විකෘති පැතිකඩට අනුකූලව එන්නත නිර්මාණය කර ඔවුන්ගේ නිශ්චිත පිළිකා සෛලවලට එරෙහිව ප්‍රතිශක්තීකරණ පද්ධතිය යොමුකිරීමේ හැකියාවද මෙම පුද්ගලික මට්ටමේ එම්.ආර්.එන්.ඒ. එන්නත්වලට ඇත.

නිතැතින්ම ලෝකයක් ලෙස අප සංවර්ධනය වීමේදී වියයුත්තේ හුදෙක් මෙය නොවේද? රටේ මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හා දුක් පීඩිත තත්ත්වයන් වෙනුවෙන් විසඳුම් සෙවීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. රටක් සංවර්ධනය වීම යනු එයයි. මිනිසුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව මත පදනම් වී ලෝකය ඉදිරියට ගමන් කළ යුතුමය. එහිදී හුදෙක් මිනිසුන්ගේ නව සොයාගැනීම් මතම ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ විය යුතුය. ලෝකයක් ලෙස නූතනයේදී අප විවිධ වූ ගැටලු හමුවේ ලෝකය ජයගෙන ඇත. ඉදින් භූමි භාගයකට රටක් ලෝකයක් හමුවේ ඇන කොටා ගන්නවාටත් වඩා තම මානව කණ්ඩායම් හමුවෙහිම පවත්නා වූ මෙවැනි ඉතාමත් දැවැන්ත හා දරුණුතම ඛේදවාචකයන් දුරුකර ගැනීමට අප එක්විය යුතුමය. එය වර්තමානය තුළ මානවයාට වඩාත් පහසුවක් ගෙන දෙන්නාක් මෙන් අනාගතයටත් සුරක්ෂිත ලෝකයක් බිහිකරනු නිසැකය.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක

SendShareShare
Previous Post

2015 හමුදාවෙන් පැන්න කුලී ඝාතකයකු අල්ලයි! ගිය මාසෙ විතරක් ඝාතන 4ක් කරපු වෙඩික්කරුලු!  I Sri Lanka Latest News

Next Post

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගටත් ලෝක ලෙඩක් වැටෙයි! ‘සිරිලිය’ බස් ගනුදෙනුවක් ගැන අහන්න CIDයෙන් එන්න කියලා!  I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.