පොතුවිල් සංගමන්කන්ද ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
අද (15) උදෑසන සංගමන්කන්ද මනචේනි කැලෑවල ප්‍රදේශයේ දී අදාළ විදෙස් ජාතිකයා වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ 50 හැවිරිදි ඉතාලි ජාතිකයෙකු බව සඳහන්ය.
ඔහු එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි අයෙකු බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර මැදවච්චිය ලිදවැව ප්‍රදේශයේදී ද වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් 61 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
වගා කටයුතු සිදුකරමින් සිටික අතරතුර ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.










