කැනඩාවේ ඔටාවාහී දී ඝාතනයට ලක්වූ ලාංකිකයින් හයදෙනාගේ අවසන් කටයුතු ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිත බව කැනඩා බෞද්ධ කොංග්‍රසයේ සභාපති නාරද කොඩිතුවක්කු පවසනවා. (Sri Lanka Latest News)
කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මියගිය අයගේ පවුලේ සමීපතම ඥාතීන් කිහිප දෙනෙකු පමණක් අවසන් කටයුතු සඳහා සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
කැනඩාවේ ඔටාවාහී බාහෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක මව සහ දරුවන් සිව් දෙනෙකු ඇතුළු 06 දෙනෙකු ඝාතනය කිරීමේ ඛේදජනක පුවත වාර්තාවුණේ පසුගිය 06 වැනිදා රාත්රියේදීයී.
සිද්ධියෙන් තුවාල ලැබූ පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර ඔහු මේවනවිට සුවය ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති 19 හැවිරිදි සිසුවාගේ මව්පියන් සහ ශ්‍රී ලංකාවේ ඥාතීන් සම්බන්ධ කරගැනීම සඳහා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.
ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 06 දෙනාගේ අවසන් කටයුතු ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිත බව කැනඩා බෞද්ධ කොංග්‍රසය පවසනවා.
මියගිය දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ඒ සඳහා සිය අවසරය ලබාදී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
ධනුෂ්ක වික්‍රමසිංහගේ පවුලේ ඥාතීන් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ කැනඩාවට පැමිණීමට ද නියමිතයි.
ඝාතනය සිදුවූ නිවසේ සිටි ඝාතනයට ලක්වූ 40 හැවිරිදි ගාමිණී අමරකෝන්ගේ මුල් පදිංචිය බණ්ඩාරවෙල වන අතර විදෙස්ගතවීමට පෙර ඔහු පදිංචිව සිට ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේයී.
මේ අතර ඝාතනයට ලක් වූ පවුලේ අවසන් කටයුතු සඳහා GoFundMe නමින් අරමුදලක් පිහිටුවීමට කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය පියවර ගත්තා.
ඊට අමෙරිකානු ඩොලර් ලක්ෂයකට අධික මුදලක් එකතු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා
hirunews