දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.Sri Lanka Latest News
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවයි.
මේ අතර වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.
එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වෙන ලෙසත් වාහන තුළ කුඩා ළමුන් තනිවම රඳවා නොයන ලෙසයි.
එළිමහනේ සිටින පුද්ගලයින් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසත් ප්‍රමාණවත් ජලය පානය කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටි.
මේ අතර පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්සෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, වියළි කාලගුණ තත්ත්වය මාස දෙකකට අධික කාලයක් පවතින්නේ නම් ජලය මුර ක්‍රමයට ලබාදීම සිදුවනු ඇති බවයි.










