පොහොර ටොන් 25,000ක තොගයක් රැගත් නැවක් අද (05) දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.Sri Lanka Latest News
ගෝලීය තත්ත්වය හමුවේ මතුව ඇති පොහොර ගැටලුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇති බවද ඔහු සඳහන් කළේය
එමෙන්ම, යල කන්නය ආරම්භ වන මේ අවස්ථාවේ ගොවි ජනතාව අතර පොහොර පිළිබඳ ගැටලු ඇතිවී තිබුණද, රටේ දැනටමත් මඩ පොහොර සහ බණ්ඩි පොහොර අවශ්‍යතාවයට වඩා ප්‍රමාණවත්ව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
යුරියා පොහොර පිළිබඳව සීමිත ගැටලුවක් පැවතිය හැකි නමුත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රටේ පවතින බවත් වී වගාව සඳහා අවශ්‍ය වන ටොන් 80,000කට සාපේක්ෂව එය ප්‍රමාණවත් බවත් ඔහු සඳහන් කළේය.
ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ගෑස් මෙන්ම ජාත්‍යන්තර සැපයුම් දාමයට ඇතුළත් වන බොහෝ වැදගත් රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ රැසක ප්‍රවාහනයට දැඩි බලපෑමක් එල්ලවී ඇත.
ඛනිජ රසායනික ද්‍රව්‍ය තෙල් හා ගෑස්වලින් නිපදවන අතර අපනයනය සඳහා ගල්ෆ් රටවල් ඒවා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරයි.
ගෝලීය කෘෂිකාර්මික නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන එක් ද්‍රව්‍යයක් වන්නේ පොහොර ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, යූරියා, පොටෑෂ්, ඇමෝනියා සහ පොස්ෆේට් වැනි ගෝලීය පොහොර අවශ්‍යතාවලින් තුනෙන් එකක් පමණ සාමාන්‍යයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි.










