නොරොච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට ඊයේ (23) කඩා වැටීමත් සමඟ ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.Sri Lanka Latest News
මෙම ඩ්‍රෝන කැමරාව නොරොච්චෝල ලක්විජය බලාගාරය උඩින් ඊයේ දහවල් පියාසර කරමින් තිබිය දී මෙලෙස කඩා බලාගාර භුමියට කඩා වැටීමකට ලක්වී ඇති බව ආරක්ෂක අංශ පවසයි.
මෙම ඩ්‍රෝන කැමරාව කිසිවකු විසින් ගුවන්ගත කර ලක්විජය බලාගාර භූමිය ඡායාරූපගත කිරීමකට ලක්කර ඇති බවට සැක කරන බව ආරක්ෂක අංශ පවසයි.
කෙසේ වෙතත් නීත්‍යනුකුල අවසරයකින් තොරව මෙලෙස ඩ්‍රෝන කැමරාවක් බලාගාරය උඩු ගුවනේ ගුවන්ගත කිරීම නීති විරෝධී කටයුත්තක් බව කියයි.
අදාළ ඩ්‍රෝන කැමරාව කුමන හේතුවක් මත මෙලෙස ගුවන් ගත කර ඇති දැයි සොයා බැලීමට මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව කියයි.
-දිනමිණ









