රුසියාවේ මොස්කව් නුවර පිහිටි ගොඩනැගිල්ලකට අද දිනයේ දී ද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
ප්‍රහාරය සදහා පැමිණි ඩ්‍රෝන යානා කිහිපයක් බිම හෙළීමට රුසියානු හමුදා සමත් වුවද, එක් ඩ්‍රෝන යානාවක්, අදාල ගොඩනැගිල්ලට හානි කර තිබේ.
අද දිනයේ දී ද හානි සිදුකර ඇත්තේ, පසුගිය ඉරිදා දිනයේ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ ගොඩනැගිල්ලටම වීම විශේෂත්වයකි.
ප්‍රහාරයෙන්, එකී ගොඩනැගිල්ලේ විස් එක්වන මහලට හානි සිදුව ඇති බව පැවසේ.
ප්‍රහාරය පිටුපස සිටින්නේ යුක්රේනය බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කරයි.










