හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් කුඩා බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසනවා. (Sri Lanka Latest News)
මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් නොමැති බවයි වාර්තා වන්නේ.
මාස 8ට අඩු සුරතල් සතුන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැකබලා ගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
හුස්ම ගැනීමේ අපහසුතාව හා වේගයෙන් හුස්ම ගැනීම වමනය හා පාචනය විදුරු මස අවපැහැ ගැනීම (සුදුමැලි බව) කෑම අරුචිය, කම්මැලි බව මෙහි රෝග ලක්ෂණයක් වන අතර, දෙමුහුන් පැටවුන් අතර මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන බවද සොයාගෙන තිබෙනවා.
මෙය වළක්වා ගැනීම සඳහා කුඩා පැටවුන් හට යෝගට් ඇතුළු ශීත ආහාර මෙන්ම එළකිරි දීමෙන් වළකින ලෙසත්, පැටවා මාස හතර පහක් යනතුරු නෑවීමෙන් වළකින ලෙසයි පශු වෛද්‍ය උපුල් සාගරතිලක උපදෙස් ලබාදෙමින් පවසා සිටියේ.
hirunews










