දොම්පේ පොලිස් වසමේ, ගිරිදර කඩකාමරක් තුල තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව දොම්පෙ පොලීසිය සඳහන් කරයි. (Sri Lanka Latest News)
ඊයේ (14) දහවල් කාලයේ ගිරිදර හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට දොම්පේ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගොස් සිටි තැනැත්තිය සතුව තිබූ බෑගයක තිබූ යතුරු පැදි රක්ෂණ සහතිකයේ සදහන්ව තිබූ පරිදි අදාළ කාන්තාව වැල්ලවාය පදිංචි ලොකුසූරියගේ කල්‍යාණි නමැති 33 හැවිරිදි කාන්තාවක් බව අනාවරණය වී තිබෙයි.
මියගොස් සිටින කාන්තාව සහ පිරිමියෙකු සමඟ පසුගිය 13 වැනිදා ගිරිදර කඩකාමරය කුලියට ගෙන පදිංචිව සිට ඇති බව අනාවරණය වී තිබේ.
ඊට පසුදින කඩකාමරය පරීක්ෂා කිරීමේ දී අදාළ කාන්තාව මියගොස් ඇති බව කඩ කාමර හිමියා දැක තිබෙයි
මේ අනුව ඔහු පොලිසියට දැනුවත් කර ඇත
එමෙන්ම සිද්ධියෙන් පසු කාන්තාව සමග පැමිණි පුද්ගලයා අතුරුදන්වී තිබේ.
සිද්ධිය සම්බන්ධව දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර මෘතශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇත.
dinamina










