ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන්වන ලද බහාලුමක් වරායෙන් මුදා හැරීම සදහා රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් අල්ලස් ලෙස ලබා ගත් රේගුවේ වාප්පු ලිපිකරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News
අදාල සැකකරු අධිකරණයට භාර දීමෙන් පසුව, ඔහු, එළැඹෙන තිස්වන දා දක්වා රක්ෂිත බන්ධනාගරගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රේගුවේ තවත් නිළධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.










