කම්කරු අමාත්‍යාංශයේ ලේකම් අර්.ජී.ඒ විමරලවීර වහා අත්අඩංගුවට ගන්නා ලෙසට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.Sri Lanka Latest News
ඒ හොරණ ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍ය බැහැර කිරිමේ ටැංකියකට වැටී පුද්ගලයින් 5 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදළ නඩුව ඊයේ (24) කැඳවූ අවස්ථාවේදීයි.
එම නඩුවට අදාළව අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් හිටපු කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරුවරයෙකුට බලපෑම් කළ බවට හිටපු කම්කරු ජනරාල්වරයා වූ වත්මන් කම්කරු අමාත්‍යාංශයේ ලේකම් අර්.ජී.ඒ විමලවීරට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්ව අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ(14) වරෙන්තු නිකුත් කළ අතර එය පොලිස්පතිවරයා මගින් දින 7ක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙසටද නියෝග කළා.










