විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරනය අද (25) නියෝග කළේය.Sri Lanka Latest News
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එම අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ නොකිරීමට නියෝග කෙරුණි.
කෙසේ වෙතත් අදාළ බදු අය කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරු වරුන්ගේ සංගමය සහ කම්කරු විනිශ්ච සභා සභාපති වරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ද පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේය.
ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 31 දාට පෙර ගොනුකරන ලෙසත් නියෝග කර සිටියේය.
පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 22 දා සිදුකිරීමට නියමිතය.










