• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රංවලගෙ ආචාර්ය පට්ටම ප්‍රශ්න කරපු හිටපු මැකොගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක්! Sri Lanka Latest News

December 29, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
පළාත් පාලන ජන්දය පවත්වන්නම ඕනෑ! කොමසාරිස්වරුන් යටතේ පාලනය නීති විරෝධියි! උසාවි තීන්දුවක් දීලා තියෙනවා! හිටපු මැකො ප්‍රසිද්ධියේම නීතිය කියලා දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හිටපු කතානායක අශෝක රංවල මහතාගේ ආචාර්ය ධුරය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මුල්ම කිහිප දෙනා අතර සිටි මැතිවරණ කොමිසමේ හිටපු කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා එම කරුණ සම්බන්ධයෙන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදීද නැවත අදහස් පළකළා. පහත පළවන්නේ මහින්ද දේශප්‍රිය මහතාගෙන් එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නවලට ඒ මහතා ලබාදුන් පිළිතුරුයි. (Sri Lanka Latest News)

පාර්ලිමේන්තුවට පත්වූ අය සම්බන්ධයෙන් ඔබතුමා ෆේස්බුක් එකේ පෝස්ටුවක් දැම්මා ‘කතානායකවරයාට උපාධියක් තියෙන බව කිව්වා නම් ඒක සනාථ කරන්න. බැරි නම් අස්වෙන්න. ඒ මොකුත් නොකළොත් පක්ෂය ඒ ගැන ක්‍රියා කරන්න’ කියලා?

මට කලිනුත් කීප දෙනෙක් එහෙම පෝස්ට් දාලා තිබුණා. මම ඒක දාන්න හේතුව වුණේ 2012 ඉඳලා අපේ රටේ පොඩි මතයක් ගියා උගත්කමක් ඕනේ කියලා. මම තමයි ප්‍රසිද්ධියේ කියපු කෙනා සහතිකවලින් ඇති උගත්කම මහජන නියෝජිතයෙක් වෙන්න අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නේ අවංකභාවය කැපවීම සහ යමක් අවබෝධ කරගැනීමට හැකියාව. ඒගොල්ලන්ට ඊට පස්සේ නීති සම්පාදනය නීති ගැන ඉගෙනගන්න පුළුවන්. කැපවීම තියෙනවා නම් ඉගෙනගන්න පුළුවන් කියන එක. ඒක හින්දා මම මේ සහතික ගැන හැපෙන කෙනෙක් නෙවෙයි. නමුත් යම් කෙනෙක් කිව්වා නම් තමන්ට සහතිකයක් කියලා, ඒක ගැන විවාදසම්පන්න දෙයක් සමාජ මාධ්‍යවල පළවුණා, පත්තරවල පළවුණා.

අපි බැලූ බැල්මට මේක පෙන්වීම අවශ්‍යයි නිවැරැදි වීම සඳහා. මම කොයි වෙලාවකවත් කියලා නෑ ඔහුට ඒක නැහැ, ඒ නිසා අස්වෙන්න කියලා. මම කියලා තියෙන්නේ ඔබට තියෙනවා කියලා කිව්වා නම්, ඒක පෙන්වන එක ඔබේ වගකීම කියලා. පෙන්වන්න බැරි නම් අස්වෙන එකත් ඔබේ වගකීම කියලා. ඒ දෙකම කරන්නේ නැත්නම් පක්ෂයේ වගකීමක් තමයි ඒ ගැන ක්‍රියාකිරීම. ඉතින් ඒක වෙලා තියෙනවා. මම එතුමා ගැන කිසිම අහිතකින් නෙවෙයි. ආණ්ඩුවත් ඒගොල්ලන්ගේ පක්ෂයත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරපු ආකාරය ගැන මම සතුටුයි.

මැතිවරණයේදී ඇතැම් අපේක්ෂකයන් අධිනීතිඥ, නීතිඥ, ආචාර්ය, මහාචාර්ය කියන තනතුරු පාවිච්චි කරමින් ඡන්දේ ඉල්ලුවා අපි දැක්කා. නමුත් ඔහුට ඇත්තටම ඒ තනතුර නැතිනම්, ඒ තනතුරට ඡන්දේ දීපු මිනිස්සුන්ට මොකද වෙන්නේ?

මම හිතන්නේ නෑ ජනතාව කවුරුවත් තනතුරු නිසා ඡන්දේ දුන්නා කියලා. මහජනතාව දන්නවා සමහර අවස්ථාවලදී මහාචාර්යවරුන්ගේ, කථිකාචාර්යවරුන්ගේ, නීතිඥවරුන්ගේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ හැසිරීම සහ සහතික නැති, ආචාර්ය මහාචාර්ය තනතුරු නැති අයගේ හැසිරීමත් අතර ලොකු වෙනසක් තිබුණේ නෑ. මොකද දින 52 ආණ්ඩු කාලෙත් ඒක පෙනීගියා. නමුත් යම් කෙනෙක් තමන්ට නැති දෙයක් පෙන්වනවා නම් ඒක වරදක් කියන එක මම දකිනවා.

කවරු හරි මට ආචාර්ය මහින්ද දේශප්‍රිය කියලා කිව්වොත්, ඒකට මට කරන්න දෙයක් නෑ. හැබැයි මම ඉස්සරහා කිව්වොත් මට එහෙම දෙයක් නැති නිසා මම ඒක වහාම නිවැරැදි කරන්න අවශ්‍යයි. මට බොහෝ දෙනෙක් මැතිවරණ කොමසාරිස්තුමා, සභාපතිතුමා කියපු ගමන් මම කියනවා ‘හිටපු’ කියලා. මම දැන් ඒ තනතුර දරන්නේ නෑනේ. ඒ හැකියාව තමන්ට තියෙන්න ඕනේ. ඒ නිසා එතැන යම් ආකාරයක වරදක් තියෙනවා.

පෝස්ටරයකට එවැනි තනතුරක් දැම්මට කමක් නැද්ද?

පෝස්ටරයත් වැරැදියි. තමන්ම පෝස්ටරය ගැහුවා නම් වැරැදියි. වෙනත් අය ගහලා දුන්නත් ඔහුට පුළුවන් වෙන්න ඕනේ මේක යොදන්න එපා කියලා පෝස්ටරය ගහපු කෙනාට කියන්න. මගේ අදහස නම් දැන් සහතික බැලුවා ඇති කියන එකයි. හැබැයි මගේ අදහස නම්, පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේත් අනෙක් අයගේ වගකීමක් තමයි මේගොල්ලෝ මන්ත්‍රීවරුන්ගේ ජීව දත්ත සටහන් අරගෙන තියෙනවනේ. ඒ ජීව දත්ත සටහන් වෙබ් අඩවියට දැම්මා නම් හරි. එතකොට නැති ඒවනේ චැලෙන්ජ් කරන්නේ. හැබැයි අපේ රටේ මතයක් තියෙනවා ගණකාධිකාරිවරයෙක් වෙන්න නම් ගණකාධිකරණය පිළිබඳ උපාධියක් හෝ වෘත්තීමය සහතිකයක් ඕනේ කියලා. නමුත් අපි දන්නවා ඩිප්ලෝමාධාරීන් බඳවාගත්තාම, ඒ ආයතනයේ වෙනත් ඉංජිනේරුවරයෙක් හෝ ගණකාධිකාරිවරයෙක් නැති වුණාම ඔහු ඉංජිනේරුවරයා හෝ ගණකාධිකාරිවරයා හැටියට තමයි හඳුන්වන්නේ. තනතුරක් දීලා තියෙනවා. ඒක හින්දා කවුරුත් තනතුරෙන් බැබළෙන්නේ නැතුව, උපාධියෙන් බැබළෙන්නේ නැතුව වැඩවලින් බැබළුණා නම් ඇති.

SendShareShare
Previous Post

රාජ්‍ය සේවකයන්ට එරෙහිව සුනාමියක්? ලාල්ගෙ අනතුරු ඇඟවීම රෝහණ මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කිව්වේ නම් අපි පාර්ලිමේන්තුවෙන් කන්නේ නෑ.. වියදම් කපා හරිනවා.. ජනතා මුදල් කාබාසිනියා කරන්නේ නෑ කියලා! හැබැයි ගෝඨාගේ තේ පැන් සංග්‍රහයට දෙලක්ෂ අසූහත්දහස් තුන්සිය හතළිහයි! අනුරගේ තේ පැන් සංග්‍රහයට අනු තුන්ලක්ෂ තිස්නවදහස් හයසිය විසිඅටයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.